
කොරෝනා වයිරසය මැඬපැවැත්වීමට සමත් එන්නතක් රුසියාව විසින් නිපදවා ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. රුසියාව තුළ සංවර්ධනය කරන ලද මෙම එන්නත භාවිතය සඳහා ලියාපදිංචි කර ඇති බවත් තමන්ගේ දියණියක දැනටමත් මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරගෙන ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා පැවසූ බව ‘හින්දුස්තාන් ටයිම්ස්‘ මෙන්ම ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වෙබ් අඩවියද වාර්තා කරයි.
අඟහරුවාදා පැවති රජයේ රැස්වීමකට එක්වෙමින් පුටින් කියා සිටියේ පරීක්ෂණ වලදී එන්නත කාර්යක්ෂම බව ඔප්පු වී ඇති අතරම එය කොරෝනා වෛරසයෙන් ගැලවී සිටීම සඳහා කල් පවතින ප්‍රතිශක්තියක් ලබා දෙන බවයි. මෙම එන්නත අවශ්‍ය පරීක්ෂණවලට භාජනය කළ බව පුටින් මහතා අවධාරණය කළේය. තම දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකුට එන්නත ලබා දී ඇති අතර ඇය සුවෙන් පසුවන බවද ඔහු පැවසීය.
රුසියානු බලධාරීන් පවසා ඇත්තේ වෛද්‍ය සේවකයින්, ගුරුවරුන් සහ වෙනත් අවදානම් කණ්ඩායම් වලට මුලින්ම මෙම කොරෝනා ප්‍රතිරෝධී ඖෂධය එන්නත් කරනු ලබන බවයි.
කොරෝනා වයිරස් ප්‍රතිරෝධී එන්නතක් ලියාපදිංචි කළ පළමු රට රුසියාවයි.
කෙසේවෙතත් දහස් සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධයෙන් භාවිතා කරනු ලබන එන්නතක් ලියාපදිංචි කිරීම සඳහා සාමාන්‍යයෙන් මාස ගණනක් ගතවන නමුත් තුන්වන අදියරේ අත්හදා බැලීම්වලට පෙර එන්නත ලියාපදිංචි කිරීමට ගත් තීරණය පිළිබඳව රැසියාවේ මෙන්ම විදේශයන්හි බොහෝ විද්‍යාඥයෝ සැක පහළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට දෙන්න එපා...
රුසියාව වැක්සීනය හැදුවා... රටවල් 20ක් වැක්සීනය අණවුම් කොට අවසන්... යුරෝපා රටවල්ද වැක්සීනය ඇණවුම් කළා. එය සත්‍යයක්.. මුලු ලෝකයේ මිනිස් ජීවිත ගලවා ගන්න වැක්සීනයට මෙතරම් පහළ ස්ථානයක් දෙන්නේ රුසියාව එන්නත හදපු නිසාද?