
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කර ඇත.
84 හැවිරිදි වියේ පසුවන හිටපු ඉන්දීය ජනාධිපතිවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව ඇත.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇති අතර පසුගිය සතියේදී තමාව පෞද්ගලිකව හමුවූ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට සහ කොවිඩ් පරීක්ෂණයකට යොමු වන්නැයි ඉල්ලීමක් කර ඇති බව එන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දියාව පුරා මේ වන විට කොවිඩ් - 19 වයිරස ආසාදිතයින් විසි දෙලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී ඇති අතර මරණ 44,466 ක් සිදුව ඇති බව වාර්තා වේ.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd