
කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

=======================================================================================
කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) මේ වනවිට හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2983 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවත් අනෙක් පුද්ගලයා කෙන්යාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අයෙකු බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (26) මේ වනවිට පුද්ගලයින් 2819 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 152 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මේ අතර අද දිනයේ කොවිඩ් රෝගීන් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණි.
මේ වනවිට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් 12 දෙනෙකු මිය ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd