
(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් තිදෙනෙක් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔවුන් කෝවිඩ් 19 ආසාදිතයන් බව අද (30) තහවුරු වීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි. ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මොවුන් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.
අවුරුදු 23 ත් 26 ත් අතර යන වයස් කාණ්ඩ වල පසුවන මෙම පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙක් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් අනෙක් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් වෛද්‍ය සිරිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd