(හර්ෂණ තුෂාර සිල්වා සහ නිමල කොඩිතුවක්කු)
මෙරටින් හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (30) 3,000 ඉක්මවා ගියේය.
අද (30) දිනය තුළදී මෙරටින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 15 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව මෙරටදී හඳුනාගත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,010ක් ලෙස වාර්තා විය. එම ආසාදිතයන් 15 දෙනාගෙන් 12 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වන අතර ඉතිරි තිදෙනා මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වෙති.
මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 138ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 2,860කි. දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 52 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 12කි.
මෙරටින් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හඳුනාගැනුණේ ඉකුත් මාර්තු මස 3 වැනිදා ය. ඊට පෙර ජනවාරි 27 වැනිදා චීන ජාතික කාන්තාවකට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබිණි.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියට අනුව මේ දක්වා කර ඇති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ගණන 223,982කි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,000 ඉක්මවයි
Rata Perata Monday, 31 August 2020 06:26 AM
දැන් ඡන්ද ඉවරයිනේ... ඉතින් කොරෝනා වැඩිවෙයි. ඕවා බයියන්ට තේරුණේ නැති වුණාට අපි දැනගෙන හිටියා. දැන් 500ත් නෑ. බඩුමලුත් නැහැ. බඩුගණන් අඩු කෙරිල්ලත් නැහැ. දැන් සැපද?