IMG-LOGO

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30)  මිලියන 25 ඉක්මවා ගියේය.
 ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළිකොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථාන ද මේ වනවිට වෙනස් වෙමින් තිබේ.
 
අවසන් පැය 24 ක කාලයේදී ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. මීට පෙර නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යෑමේ කේන්ද්‍රස්ථාන බවට පත්ව තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ලතින් ඇමෙරිකානු කාලපයයි.
 
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,761 දෙනකු හඳුනාගත් අතර එය නව කොරෝනා වයිරසය ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු දිනක් ඇතුළත ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
 
මීට පෙර වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම ගණන 77,299ක් විය. එම වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වූයේ ජූලි මස මැදදී ය.
 
ඉන්දියාවෙන් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණනත් සමඟ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 25,074,751ක් දක්වා ඉහළ ගියේය.
 
මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වසරක් තුළ උණ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් වාර්තා වන රෝගීන්ගේ ගණන මෙන් පස් ගුණයක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
 
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 840,000 පසු කර ගොස් තිබේග එය වසරක් තුළ උණ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් වාර්තා විය හැකි ඉහළම මරණ පරාසය වන 290,000 සිට 650,000 සීමාව ද ඉක්මවා යෑමකි.
 
ඉන්දියාව යනු ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන රට වන අතර ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැන පසුවෙයි. තවමත් ලොව වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. බ්‍රසීලය එහි දෙවැනි තැන පසුවෙයි.
 
කෙසේ නමුත් අගෝස්තු 7 වැනිදා සිට මේ දක්වා ගත වූ කාලයේදී දෛනිකව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි.
 
මෙලෙස ශීඝ්‍රයෙන් ආසාදිතයන් වාර්තා වුව ද රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උනන්දු වෙයි. නව කොරෝනා වයිරසය පැතිර යෑමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාව ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පනවමින් මුළු රටටම අගුළු දැමීය.
 
භූගත දුම්රිය පද්ධිතවල දුම්රිය ගමන් ආරම්භ කරන බව ඉන්දීය රජය සෙනසුරාදා නිවේදනය කළේය. භූගත දුම්රිය පද්ධති ජාලය යනු ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ජීවනාළිය වේ. ලබන මාසයේ සිට ක්‍රීඩා සහ ආගමික උත්සව සහ ඉසව්වලට අවසර දෙන බවත් එසේ වුවත් ඒවායේ බොහෝ කටයුතු සීමා කරන බවත් ඉන්දීය රජය සඳහන් කළේය.
 
දැනට ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන කලාපය බවට පත්ව ඇත්තේ ලතින් ඇමෙරිකානු කලාපයයි. කෙසේ නමුත් එම කලාපයේ රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් දක්නට ලැබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේද මේ වනවිට වයිරස ආසාදිතයන්ල ආසාදිත රෝගීන් රෝහල් ගත කිරීම්ල වයිරස ආසාදිත මරණ සහ වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ වේගය අඩුවෙමින් තිබේ.
 
ගෝලීයව වයිරස ආසාදිතයන් හමු වීමේ වේගය ද මේ වනවිට යම්කිසි ස්ථාවර මට්ටමකට පැමිණ තිබේ. ආසාදිතයන් මිලියන 5 සිට 20 දක්වා ගත වීමට දින 19ක් ද , ආසාදිතයන් මිලියන 15 සීමාව වාර්තා වීමට දින 24ක් ද ආසාදිතයන් මිලියන 10 සීමාව වාර්තා වීමට දින 39ක් ද ගත වී තිබේ. ඒ අනුව සංසන්දනය කිරීමේ දී වයිරස ආසාදිතයන් මිලියන 5 සිට 25 දක්වා වාර්තා වීමට ගත වී ඇති කාලය සති තුනකි.
 
කෙසේ නමුත් ඇතැම් රටවල පරීක්ෂණ කිරීමට ඇති හැකියාව, ආසාදිතයන් සහ ආසාදිත මරණ ගණන නිසි පරිදි වාර්තා නොවීම ආදී කරුණු රැසක් සැලකිල්ලට ගැනීමේදී බොහෝ රටවල නිල සංඛ්‍යා දත්තවලින් නිවැරැදි තත්ත්වය පෙන්නුම් නොකරන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.
 
මේ අතර 1918 වසරේදී ලොවපුරා පැතිර ගිය ස්පාඤ්ඤ උණ රෝගයෙන් සිදු වූ බලපෑම හා සැසඳීමේදී කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් සිදු වූ බලපෑම තවමත් ඇත්තේ පහළ මට්ටමක ය. ස්පාඤ්ඤ උණ මිලියන 500කට ආසාදනය වූ බවත් රෝගීන්ගෙන් 10% මරණයට පත්වූ බවත් පැවසේ. එම සංඛ්‍යා දත්ත ද නිසි පරිදි වාර්තා වී නැතැයි විශේෂඥයෝ මත පළ කරති.
 
(රොයිටර්)



අදහස් (1)

ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි

dewa Sunday, 30 August 2020 03:09 PM

ලෝකයේ එහෙම වුණාට ලංකාවෙ සමහර පැතිවල කට්ටිය වැඩකරන්නේ කොරෝනා ලංකාවෙ නැහැ වගේ...කියලා. මම අද මාතර නගරයේ දැක්කා පොලිසියේ බොහෝ අය වගේම සාමාන්‍ය අයත් මාස්ක් නැහැ. අත් සෝදන්න පහසුකම් තිබ්බත් හෝදන්නේ නැහැ. කෝ පී.එච්.අයි.ලා? මෙවා මෙහෙම නම් ඉදිරිය කොහොම වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site