( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු හමුවූබව හලාවත රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි .
මෙම කොරෝනා අසාදිත තැනැත්තිය උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට හලාවත රෝහලට පැමිණ ඇති අතර ඇයට කොවිඩි 19 රෝග ලක්ෂණ තිබීම
හේතුවෙන් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු විසින් රෝහල් අධ්‍යක්ෂක වරයාගේ උපදෙස්මත කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත්කර
ඇත.
එහිදි ඇයගේ ජෛව සාම්පල් කොටස් අදාල වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වීඇති බවට
හෙළිව ඇත.
මෙම කාන්තාව ඩුබායි රටෙහි රැකියාවක නිරතව සිට මීට මාසකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇති අතර වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් දින 14ක් නිරෝධායනය වී නැවත ආරච්චිකට්ටුව කෝට්ටපිටිය සිය නිවසේදීද නිරෝධායනය වී ඇතිබව වෛද්‍ය අංශ පවසයි.
මෙම අසාධිත තැනැත්තිය වැඩිපුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කර ඇත.
තැනැත්තියගේ පවුලේ සමාජිකයින්ගේ ජෛව සාම්පල කොටස් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම පිරිස් අනිවාර්ය නිරෝධායනයට යොමුකර
ඇතිබව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය අයි. එම්. සී ජයසිංහ මහත්මිය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආරච්චිකට්ටුවෙන් කොරෝනා අසාදිතයෙක් හමුවෙයි
සිරිබිරිස් Thursday, 27 August 2020 12:09 PM
ඔය කියන විදියට දවස් 28 කට පස්සෙ වුණත් රෝග ලක්ෂණ මතුවෙන්න පුලුවන් නේද?