
ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය.
එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්‍ර සිං ට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ඉන්දීය රජයේ අමාත්‍යවරුන් 06 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 69,652ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වන විට ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,836,926ක් දක්වා ඉහළ ගොස් තිබේ.සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53, 866ක් ලෙසය.
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd