කොරෝනා ආසාදිතයෝ 1046ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 1,046 දෙනෙක් ඊයේ (3) දිනයේ දී වාර්තා විය. 03 May 2021
මිනුවන්ගොඩින් ආසාදිතයෝ 51ක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 51 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩි.ආර්. සංජීව මහතා පවසයි. 03 May 2021
ගම්පහ කොරෝනා උඩු දුවයි ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 03 May 2021
පන්නල කොරෝනා ඉහළ යයි පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුල අපේ‍්‍රල් මස 01 සිට මේ දක්වා කොරෝනා වයිරසය ආසාධනයවූ රෝගීන් 350 ක් සහ මරණ 04 ක් පමණ වාර්තාවී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි 03 May 2021
කොරෝනා මරණ තව නවයක් වාර්තා වෙයි කොරෝනා මරණ තවත් 9ක් අද වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තහවුරු කර ඇති. ඒ් අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගියේය. 02 May 2021
නුවරඑළිය පොලිසියේ පහකට කොරෝනා නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 02 May 2021
අඟුණකොලේ රැදවියෝ දහඅටකට කොරෝනා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 02 May 2021
ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 02 May 2021
වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 01 May 2021
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා සභාපතිටත් කොරෝනා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතාට කොවීඩ් -19න් ආසාධනයවී ඇති බවට තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 01 May 2021
කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි. 01 May 2021
කරාපිටියේ 36 වාට්ටුවේ 35කට කොරෝනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 01 May 2021
පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදියෝ 1500 පසුකරති කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 01 May 2021
එක් වරක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවෙයි කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය. දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. 01 May 2021
කරන්දෙණිය රෝහලත් පිරෙයි කරන්දෙණිය දිසා රෝහලේ කොවීඩ් -19 ප්‍රතිකාර ඒකකයේ ඇදන් මේ වනවිට මුළුමනින්ම පිරී පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය 01 May 2021
බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 April 2021
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත. 30 April 2021
අම්බලන්ගොඩින් කොරෝනා ආසාදිතයන් 40ක් අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් කොවීඩ්-19 ආසාධිතයින් හතලිහක් වාර්තා වී ඇත. 30 April 2021
දංකොටුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ට කොරෝනා දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මහජන සෞබ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි දංකොටුව සෞබ්‍ය වෛද්‍ය කාර්යාල ආරංච් මාර්ග කියයි. 30 April 2021
ඇතිමලේ පොලිසියේ 30කට කොරෝනා ඇතිමලේ පොලිසියේ නිලධාරීන් තව 30කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 30 April 2021
තවත් ගම් කීපයක් හුදකලා කරයි මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල,ගලේවෙල,මාතලේ හා නාවුල පොලිස් වසම් ද කුරුණෑගල දිස්ත්‍රක්කයේ පන්නල පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි අද පෙරවරු 6.00 සිට හුදකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 30 April 2021
අද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 414 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද (29) දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1491 ක් දක්වා ඉහළ ගියේය. 29 April 2021
කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ 20කට කොරෝනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 20 දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (29) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 29 April 2021
නිකවැරටියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් වහයි නිකවැරටිය නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ,නිසා එම ආයතනය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 29 April 2021
ගත වූ විසි හතර පැයේ මහනුවරින් ආසාදිතයෝ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉකුත් විසි හතර පැයේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 88 දෙනකු වාර්තා වී ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2021
බදුරලියෙන් ආසාදිතයන් 29ක් බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 29 දෙනකු හඳුනගත් බව එම කාර්යාලය පවසයි. 29 April 2021
හිඟුරක්ගොඩ සිරිකෙත ගමෙන් තවත් රෝගීන් 32ක් දැනට හුදෙකලා කර ඇති හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 32ක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද අනාවරණය කරයි. 29 April 2021
නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ගුරුවරු දෙකකට කොරෝනා නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ගුරුභවතුන් දෙදෙනකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 29 April 2021
පින්කම් ගෙදරට ආ දෙදෙනෙක්ට කොරෝනා මාපලගම පරණතානායම්ගොඩ ගල්වාන ප්‍රදේශයේ නිවෙසක පැවැති දානමය පිංකමකට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඊට සහභාගීවූ පවුල් තිහක් පමණ පිරිසක් නිරෝධායනයට ලක් කළ බව උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 29 April 2021
පී.සී.ආර්. පරීක්ෂණ 14කින් 12කට කොරෝනා ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ කළ පී.සී.ආර් පරීක්ෂණ 14කින් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු හඳුනාගත් බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි . 29 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026