හිඟුරක්ගොඩ සිරිකෙත ජනපදය හුදෙකලා කරයි
කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26) හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි.