(නිමන්ති රණසිංහ)
මුලතිව් ඔඞ්ඩුසූඩාන් පොලිසිය අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පොලීසියේ නිලධාරීන් අට දෙනකු සහ වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් කීහිප දෙනකු නිරෝධායනයට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.
වව්නියාව අධිකරණයෙන් ලද වරෙන්තුවකට අනුව මුලතිව් ඔඞ්ඩුසූඩාන් පොලීසිය ඉකුත් 26 වැනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බන්ධනාගාර ගත කිරීමේදී සිදුකරනු ලබන පී සී ආර් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන තිබිණී.
ඒ අනුව, එම සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුලු නිලධාරීන් අට දෙනකු පී සී ආර් පරීක්ෂණයට යොමු කර ඇති බව ද පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී සිදුකළ පී සී ආර් පරීක්ෂණයකදී කොරෝනා රෝගියකු ලෙසින් හදුනාගත් පසු ඔහු සහ තවත් රැදවියකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සැකකරුවකුට කොරෝනා:පොලිසියේ අටක් නිරෝධායනයට