(ඩි.ජී.සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ හතරක් ඉකුත් දින පහක කාලය තුල වාර්තාවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

රත්ගම ඉඹුලගොඩ කොරෝනා ආසාදිත පුද්ගලයකු හෝමාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු  ඉකුත් 22 වැනි දින මියගොස් ඇති  අහංගම කුරුඳුවත්තේ පුද්ගලයකු සහ ඉමදුව හව්පේ කාන්තාවක  26 වැනි දින කොරෝනා ආසාදිතවි මියගොස් ඇත.

ගාල්ල හිරිඹුර පාසල් මාවතේ පදිංචි පුද්ගලයකුද 27වනදින කොරෝනා ආසාදිතවි මියගොස් ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2561කි.