
(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 60දෙනකු වාර්තාවීමත් සමඟ අද (26) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 952 ක් දක්වා ඉහළ ගියේය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වී ඇත. ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 94,577ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
තවත් ආසාදිතයින් 7,050 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කලින්ම මිනිස්සුන්ට කිව්වා මිනිස්සු ඒවා ඔක්කොම දේශපාලනීකරණ කළා දැන් අවුරුදු කන්නත් ඕන හමුදා නීතියට අනුව කියලා කිව්වා දැන් ඉතින් ලෑස්ති වෙන්න.