හේනේගම පාසල් දෙකක සිසුවියෝ දෙකකට කොරෝනා හේනේගම පාසල් දෙකක සිසුවියන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ටි.ඩී.සුරවීර මහතා පවසයි. 25 April 2021
කොරෝනා මරණ හතරක් අද වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (25) වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 642 ක් දක්වා ඉහළ ගියේය. 25 April 2021
දෛනික ආසාදිත සංඛ්‍යාව 880ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 54 දෙනකු වාර්තාවීමත් සමඟ අද (24) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 880 ක් දක්වා ඉහළ ගියේය. 24 April 2021
කැස්බෑවෙන් කොරෝනා ආසාදිතයන් 65ක් අද හඳුනා ගැනෙති කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් ආසාදිතයන් හැට පස්දෙනකු අද (24) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය . 24 April 2021
මෙරට කොරෝනා ආසාදිතයෝ ලක්ෂය ඉක්මවයි කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු අද (24) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත. 24 April 2021
ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. 24 April 2021
තවත් කොවිඩ් මරණ 4 ක් කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (24) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 638 ක් දක්වා ඉහළ ගියේය. 24 April 2021
මොරටුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනෙකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි. 24 April 2021
නිකවැරටියේ එකම පවුලේ හතකට කොරෝනා නිකවැරටිය ප්‍රදේශයේ එකම පවුලේ හත් දෙනකු ඇතුලු 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 24 April 2021
දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි. 23 April 2021
වලල්ලාවිටින් කොරෝනා රෝගීන් අටක් වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිී කාර්යාලය බල ප්‍රදේශයේ සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 08 දෙනකු හමු වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය සඳහන් කරයි . 23 April 2021
පිළියන්දලින් කොරෝනා රෝගීන් 87ක් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනකු අද (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි. 23 April 2021
කොවිඩ් ආසාදිතයෝ අද තවත් වැඩි වේ කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් 796 දෙනෙකු අද (23) දිනයේ මේ වන විට හඳුනාගෙන ඇත. 23 April 2021
හපුගල ඉංජිනේරු පීඨයේ දෙකකට කොරෝනා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් දෙදෙනකුට සහ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් හය දෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධණ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. 23 April 2021
ගනේවත්තෙන් කොරෝනා තවත් රෝගීන් 32ක් ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (23) සවස වනවිට වාර්තා වූ කෝවිඩ් ආශ්‍රිතයින් 32ක් සමග එම ප්‍රදේශයෙන් වාර්තාව වූ මුළුු කොවිඩ් ආසදිතයන ගණන සංඛ්‍යාව 215 දක්වා ඉහල ගොස් ඇති බව එම කාර්යාලය කියයි. 23 April 2021
ත්‍රිකුණාමලයේ පාසල් තුනක් වසයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස කීපයක පාසල් තුනක් දින නියමයක් නැතිව වසා දැමූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා පවසයි. 23 April 2021
මිනුවන්ගොඩ පාසල් සිසුහු දහයකට කොරෝනා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකින් කොරෝනා ආසාදිතය සිසු සිසුවියන් 10 දෙනකු අද උදෑසන වාර්තා වූ බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජා මහතා පවසයි. 23 April 2021
පානදුර පාසලක් වසයි පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවිකාවක් කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම පාසල වසා දැමීමට එහි පරිපාලනය තිරණය කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 23 April 2021
ඉකුත් 24 පැයේ කොරෝනා තත්ත්වය කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 137 දෙනකු වාර්තාවීමත් සමඟ අද (22) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 657 ක් දක්වා ඉහළ ගියේය 23 April 2021
කෝවිඩ් ආසාදිතයෝ 520ක් හඳුනා ගැනෙති කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 520 දෙනකු අද (22) මේ වන විට හඳුනාගෙන ඇත. 22 April 2021
පානදුරේත් කොරෝනා පොකුරක් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 22 April 2021
ගනේවත්තෙන් ආසාදිතයන් 148ක් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය. 22 April 2021
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා කුලියාපිටිය නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22) සංචරණ සීමා පැනවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 22 April 2021
ගම්පහට කොරෝනා අවදානමක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 22 April 2021
දෛනික ආසාදිතයෝ 500 ඉක්මවති කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 516 දෙනකු අද (21) හඳුනාගෙන ඇත. 21 April 2021
කැස්බෑවේ ප්‍රදේශ 4 කින් කොරෝනා අසාදිතයින් 22 ක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු අද (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි 21 April 2021
කොරෝනා රෝගීහු 150 අයි.ඩි.එච්.රෝහලට සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු අයි ඞී එච් රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් වීමේ වැඩිවීමක් සිදුව ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. 21 April 2021
කොරෝනා කුලියාපිටිය සතිපොළ වහයි දිනෙන් දින වැඩි වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සලකා හෙට (22) පැවැත්වීමට නියමිත කුලියාපිටිය සතිපොල අවලංගු කිරීමට කුලියාපිටිය නගරසභාව තීරණය කළ බැව් සභාපති ලක්ෂමන් අධිකාරි මහතා පැවසීය. 21 April 2021
බදුල්ලේ රාජ්‍ය බැංකුවක නවයකට කොරෝනා බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුව සේවක සේවිකාවන් නව දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පවසයි. 20 April 2021
පිළියන්දලින් කොරෝනා රොගීන් 31 හඳුනාගනී පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනකු වාර්තා වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 20 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026