( දිනේෂ් උපේන්ද්‍ර)
දිනෙන් දින වැඩි වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සලකා හෙට (22) පැවැත්වීමට නියමිත කුලියාපිටිය සතිපොල අවලංගු කිරීමට කුලියාපිටිය නගරසභාව තීරණය කළ බැව් සභාපති ලක්‍ෂමන් අධිකාරි මහතා පැවසීය.
දිවයිනේ විශාලතම සති පොල වශයෙන් හැඳින්වෙන කුලියාපිටිය සතිපොල සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙළඳුන් හා පාරිභෝගිකයින් සහභාගීවන බවද ඒ මහතා පැවසීය.
එම නිසා මේ දිනවල පවත්නා තත්වයද සැළකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව එසේ නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.
එමෙන්ම මේ දිනවල අත්‍යාවශ්‍ය කාරණාවකට හැරුණුකොට නගරයට නොපැමිණෙන්නේනම් නගරය සෞඛ්‍යාරක්‍ෂිතව පවත්වාගෙන යාහැකි යැයි ද ඒ මහතා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා කුලියාපිටිය සතිපොළ වහයි