(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 516 දෙනකු අද (21) හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 98,833ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් ආසාදිත පස් දෙනෙකුගේ මරණ ද අද (21) වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 630 කි.
සෙවණගල ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කැලණියේ පදිංචි 57 හැවිරිදි පිරිමි අයෙක්, රත්නපුර ප්‍රදේශයේ 66 හැවිරිදි අයෙක් සහ ගම්පහ ප්‍රදේශයේ 39 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd