IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියන් පස් දෙනකුට කොවිඩ් 19 ආසාදනය වි ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

ආසාදිත හෙදියන් පස් දෙනා අතරින් දෙදෙනකු කොවිඩ් 19 වැලැක්විම සදහා වැක්සීනයේ පලමු මාත්‍රාව ලබාගත් දෙදෙනකු සිටින බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

දැඩි සත්කාර ඒකකයේ රෝගින් හතර දෙනකු ප්‍රතිකාර ලබන අතර එම රෝගින්ට කොවිඩ් 19 ආසාදනය වි නොමැති බව කී වෛද්‍ය අධ්‍යක්ෂවරයා දැඩි සත්කාර ඒකකයට ඉදිරි දින14 තුල පිට ප්‍රදේශ වලින් රැගෙන එන රෝගින් ඇතුලත් කර ගැනිම නවතා මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවද කීය.

දැඩි සත්කාර ඒකකයේ පුහුණු හෙදියන් 14 දෙනකු සිටින අතර ආසාදිත හෙදියන් පස්දෙනා හැරුණු විට දැනට නේවාසික රෝගින් ප්‍රතිකාර කිරිම අඛණ්ඩව සිදුකර ගෙන යන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

මේ අතරදැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගින් බැලිමට ලබාදුන් අවස්ථාවද තාවකාලිකව නවතා දැමු බව දකීය.

 



අදහස් (0)

ත්‍රි‘මලේ රෝහලේ හෙදියන් පහකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31480 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13793 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 150 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1064 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site