(යොහාන් භාසුර)
පානදුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක සේවිකාවක් කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම පාසල වසා දැමීමට එහි පරිපාලනය තිරණය කර ඇති බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
අදාල සේවිකාවගේ දියණිය පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කිරීමේදී කොවිඩ් 19 ආසාදිත යැයි හඳුනාගෙන ඇති බවත් ඉන්පසුව කළ පරීක්ෂාවෙන් අදාල සේවිකාව ද කොවිඩ් 19 න්ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බවත් පානදුර සෞඛ්‍ය වෛද්‍ය ද්නිලධාරී කාර්යාලය පවසයි.
පාසල වසා දැමීමේ තීරණය තම කාර්යාලයේ තීරණයක් නොවන බවත් එය හුදෙක්ම අදාළ පාසලේ පරිපාලනය ගත් තීරණයක් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd