(සුමිත් ප්‍රේමතිලක)
පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් ආයතනය මගින් සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ.
වයිරසය වැළදී ඇති සියලු දෙනා වෙනුවෙන් , පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් එයින් තහවුරු වන පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
අලුත් අවුරුදු නිමාවෙන් අනතුරුව ගම්බිම් බලා ගොස් සිටින සේවක සේවිකාවන් නැවත සේවයට පැමිණීමේ දී සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැවසීය .
ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ.
සිංහල අලුත් අවුරුද්දට පසු එම ආයතනයේ වැඩ ආරම්භ කිරීමට පෙර හේමාස් රෝහල මාර්ගයෙන් එම පරීක්ෂණ සිදුකළ බව සිදුකළ බව ආයතන පාලනාධිකාරිය පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පානදුරේත් කොරෝනා පොකුරක්