(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයන් හැට පස්දෙනකු අද (24) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .

ඒ අනුව දින පහක් තුළ මෙම ප්‍රදේශයෙන් ආසාදිතයින් අනූ හත් දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ සඳහා පී.සී.ආර් පරීක්ෂණ 164 ක් සිදුකර ඇති බවත් වෛද්‍ය නිලධාරීනිය වැඩිදුරටත් කිවාය.

මෙම රෝගීන් අතර එක් මසක බිලිදකු ද සිටින බව පැවසේ .

මෙහිදී හල්පිට ප්‍රදේශයේ රජයේ සුපිරි වෙළඳ සැලකින් හා කැස්බෑව ප්‍රදේශයේ පෞද්ගලික සුපිරි වෙළඳසැලකින් ආසාදිතයන් දස දෙනකු වාර්තා වීම නිසා එම සුපිරි වෙළෙඳසල් දෙක තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කියයි .

ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 350 කට ආසන්න පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්  පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය .