(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයන් හැට පස්දෙනකු අද (24) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .
ඒ අනුව දින පහක් තුළ මෙම ප්‍රදේශයෙන් ආසාදිතයින් අනූ හත් දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ සඳහා පී.සී.ආර් පරීක්ෂණ 164 ක් සිදුකර ඇති බවත් වෛද්‍ය නිලධාරීනිය වැඩිදුරටත් කිවාය.
මෙම රෝගීන් අතර එක් මසක බිලිදකු ද සිටින බව පැවසේ .
මෙහිදී හල්පිට ප්‍රදේශයේ රජයේ සුපිරි වෙළඳ සැලකින් හා කැස්බෑව ප්‍රදේශයේ පෞද්ගලික සුපිරි වෙළඳසැලකින් ආසාදිතයන් දස දෙනකු වාර්තා වීම නිසා එම සුපිරි වෙළෙඳසල් දෙක තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කියයි .
ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 350 කට ආසන්න පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කැස්බෑවෙන් කොරෝනා ආසාදිතයන් 65ක් අද හඳුනා ගැනෙති