IMG-LOGO

පිළියන්දලින් කොරෝනා රෝගීන් 87ක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනකු අද (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මෙම රෝගීන් ඇරැව්වල,බෝකුන්දර,ගොරකපිටිය,රත්මල්දෙනිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් කිහිපයකින් මෙසේ වාර්තා වී ඇත .

ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව ද වාර්තා වෙයි

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දෙනකු ඉකුත් 18 දා වාර්තා වී තිබු අතර ඔවුන්ගේ ආශ්‍රිතයෙන් එකසිය නම දෙනකු ඉලක්ක කරගනිමින් (22) දා සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙ ප්‍රතිඵලය අද (23)දා ලැබී තිබූ අතර ඒ අනුව මෙම ආසාදිතයින් අසූ හත් දෙනා වාර්තා වූ බව කියයි.

ඒ අනුව මෙම ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආශ්‍රිතයින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද පියවර ගෙන ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

 



අදහස් (2)

පිළියන්දලින් කොරෝනා රෝගීන් 87ක්

mihira Friday, 23 April 2021 02:03 PM

ගෙවල් වල ඉන්න බැරිව මේ වෙලාවේ මගුලේ යනවට හොඳ වැඩේ... දැන් කරයි දෙයියෝ...

:       0       18

මෝ Friday, 23 April 2021 05:33 PM

ඉස්සෙල්ලම අර වයසක නලු නිලියොයි අනික් අවසේස කස්ටියයි ගෙනැත් අලුත් අවුරුදු උත්සව කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් නැතිව කරල,මිනිස්සු කුලප්පු කරපු ටීවී නලිකා වලට දඩුවම් කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 108 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 325 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 142 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site