(ප්‍රේමතිලක පෙරමුණ)

බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් තවත් 29 දෙනකු හඳුනගත් බව එම කාර්යාලය පවසයි.

28 සහ 29 දිනවල සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම පිරිස තහවරු වූ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා කියයි.

මේ වන විට එම ප්‍රදේශයෙන් රෝගීන් 279 දෙනකු වාර්තා වී ඇත.