සාම්පල කූඨ ලෙස වෙනස් කරන ඖෂධ ගබඩාවක් අසුවෙයි ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. 26 March 2017
ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් ලක්ෂ 25ක හානි මඩකලපුව කාත්තාන්කුඩි කොට්ඨාස 1ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ හාල් මෝලක වී තම්බන ගෑස් සිල්න්ඩරය පිපිරිමෙන් ගොඩනැගිලි බොහෝමයක් මුළුමනින්ම හානියට පත්වී ඇතැයි පොලිසිය කියයි. 26 March 2017
‘සම්බන්ධන්ලා දෙමළ සන්ධානයෙන් ඉවත් විය යුතුයි‘ - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු යැයි එම සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය. 26 March 2017
මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 26 March 2017
විමල් වීරවංශ රෝහල් ගතකරයි බන්ධනාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ අසනීප වීම නිසා අද(26) උදෑසන රෝහල්ගත කළ බව වාර්තාවේ. වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට අැතුළත් කර ඇතැයි දැනගන්නට ඇත. 26 March 2017
සෞදි ගිය ලාංකිකයෝ 6 ක් අතුරුදන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හය දෙනකු සවුදි අරාබියේ දී අතුරුදන් වී ඇතැයි කියමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. අතුරුදන් වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ලේකම් නලීන් රාජපක්ෂ මහතා පැවසීය. 25 March 2017
රැජිනි කාන්ත් යාපනයේ සංචාරය අවලංගු කරයි තමිල්නාඩු සිනමාවේ ප්‍රවීන නළු රැජිනි කාන්ත් අප්‍රේල් 9 වැනි දා යාපනයේ සංචාරය ක නිතර වීමට සූදානමින් සිටියද තමිල්නාඩුවේ හා ශ්‍රී ලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය නිසා එය අවලංගු කිරීමට තීරණය කළේ යැයි දකුණු ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි. 25 March 2017
බංග්ලාදේශය කඩුලු 5 ට 324 යි සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර අද (25) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබාගත්තේය. 25 March 2017
උෳරු දඩයමේ ගිය තුනක් අත්අඩංගුවට මීගමුවේ සිට වල් ඌරන් දඩයම් කිරීමට ගියැයි සැකපිට පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් රැගෙන ගිය බෝර දොලහේ තුවක්කුවක් පතරොම් එකොලහක් සහ රාත්‍රි ලාම්පු හතරක් (ඩ්‍රැගන් ටෝච්) තලාතුඔය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 25 March 2017
වරාය ගිවිසුමේ අනුකමිටුවෙන් ඇමැති චම්පික ඉවත් වෙයි හම්බන්තොට වරාය ප්රතිව්යුහකරණය කිරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කොට ක්‍රියාවට නැංවීම සඳහා පත්කර ඇති අනුකමිටු සාමාජිකත්වයෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉවත්වීමට යතියි රජයේ ආරංචි මාර්ග කිවයයි. 25 March 2017
වීසා නැතිව සිටි නයිජීරියානුවන් හයක් අල්ලයි වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි නයිජිරියා ජාතිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොචිචිකඩේ පොලිසිය කියයි. 25 March 2017
නාලන්දා විදුහල්පති ඉවත් කරයි කොළඹ නාලාන්ද විද්‍යාලයයේ විදුහල්පති ජේ එච් එන් ඩබ්ලිව් රංජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කියයි. 24 March 2017
විල්පත්තු අවට කැලෑ හයක් සංරක්ෂිත වනාන්තරයක් වෙයි විල්පත්තු වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර හයක් සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) අත්සන් තැබීය. 24 March 2017
බන්ධනාගාරයෙන් වෙඩි නොවදින බසයක් බන්ධනාගාරගත වන දරුණු අපරාධකරුවන් සහ පාතාල සාමාජිකයින් රැගෙනයාම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් වෙඩි නොවදින ආරක්ෂක බස් රථයක් නිර්මාණය කර තිබේ. 24 March 2017
හෙරොයින් අධිකරණයට ගෙනා කතට වසරක සිර දඬුවමක් හෙරොයින් සිද්ධියකට රිමාන්ඞ් කර සිටින පුත්‍රයා බැලීමට හෙරොයින් මිලි ග්‍රෑම් 60ක් සමග කොළඹ අලූත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට බරපතල වැඩ සහිත වසරක සිරදඩුවමක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(24) නියෝග කළේය. 24 March 2017
මහ බැංකුව පොළී අනුපාත ඉහළ දමයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි පොලී අනුපාත ඉහළ නංවා තිබේ. 24 March 2017
ලංකා රුපියල බාල්දු වෙයි මේ වසරේ ගෙවී ගිය කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 1.2 න් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පෙබරවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංවිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.6 ක් වන බවද මහ බැංකුව සඳහන් කරයි. 24 March 2017
සංවර්ධන කටයුතු සඳහා පස්, කළුගල් රජයේ වනාන්තර වලින් ගන්න අවසර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව මගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වැනි දා කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ සජිව චාමිකර මහතා පෙන්වා දෙයි. 24 March 2017
රතුපස්වල සැකකරුවෝ රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (24) නියෝගය කළාය. 24 March 2017
ග්ලයිපෝසෙට් ගෙන ආ දෙන්නා රිමාන්ඩ් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට තහනම් ග්ලයිපෝසෙට් රසායනික ද්‍රව්‍ය පැකට් 4206ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන අප්‍රේල් 3 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත් කඩේ අධිකරණය නියෝග කළ බව රේගු නිවාරණ අංශය කියයි. 24 March 2017
පෙබරවාරි මාසයේ උද්ධමනය 1.7% කින් ඉහළ යයි ලක්ෂමය පදනම මත පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 8.2ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය සියයට 6.5ක් වූ බවත් ඒ අනුව පෙබරවාරි මාසයේදී උද්ධමනය 1.7 සිට සියයට 8.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. 24 March 2017
බාලිකා විදුහලට පැන්න සිසුවාට ඇප කොළඹ යසෝදරා බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිදෙනකුට පහර දී පාසලේ දේපලවලට හානි කළැයි රිමාන්ඩ් කර මාකොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ජනප්‍රිය පාසලක 12 වැනි වසරේ ශිෂ්‍යයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(24) නියෝග කළේය. 24 March 2017
ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය පැතිරෙයි පස්සර ලුණුගල ප්‍රදේශය පුරා සූකර උණ රෝගය සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන් රෝගීන් 40 දෙනෙකු පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් 300කට අධික සංඛ්‍යාවක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන තිබෙන බවත් ලුණුගල රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලදාරී වෛද්‍ය අබේකෝන් මහතා පැවසීය. 24 March 2017
රතුපස්වල වෙඩි තැබීමට හමුදාවේ තුනක් සැකපිට රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට යුද හමුදා සාමාජිකයන් තිදෙනකු අද(24) අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි. මේ අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද සිටිති. 24 March 2017
“ආදරණීය රෝහණ“ ප්‍රසංගය ඉතාලියේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ‘ආදරණීය රෝහණ“ ප්‍රසංගය මාර්තු 25, 26 සහ අප්‍රේල් 2 දිනවල ඉතාලියේදී පැවැත්වීමට නියමිතය. 24 March 2017
ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක පරිපුරක ඇස්තමේන්තුවක් ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු සඳහා නව වාහන මිලදී ගැනිමට රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක් අද (24) ඉදිරිපත් කැරිණි. 24 March 2017
අගමැති ජන්ම දිනයට ගංගාරාමයේ පිංකමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් අද (24) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී විශේෂ බෝධි පූජා පිංකමක් සංවිධානය කර තිබිණි. 24 March 2017
හිටපු ජනපති පරීක්ෂණ කොමිසමට කැඳවයි පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිෂමට පැමිණියේය. 24 March 2017
කොටි සමයේ මොටාර් උණ්ඩ මන්නාරමෙන් හමුවෙයි මන්නාරම, පාප්පමොටෙයි ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදී විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ හා බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (23) වවුනියාව කුරුක්කල්පුදුකුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 24 March 2017
වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මැලේසියාවේ පැවැත්වෙන රාජකීය පොලිස් දිනය නිමිත්තෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගතවන නිසා වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා පත්කරනු ලැබ සිටී. 24 March 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026