( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මීට සුළු මොහොතකට පෙර ඇති වු ගින්නක් නිවා දැමීමට පාර්ලිමේන්තු ගිනි නිවීමේ අංශය කටයුතු කළේය.
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ නිල කාමරයේ වායු සමීකරණයේ මෙම ගින්න හටගෙන තිබු අතර එහි දෝෂයක් හේතුවෙන් මෙසේ සිදු වන්නට ඇතැයි පොලීසිය සඳහන් කළේය.
විනාඩි 20 ක පමණ කාලයක් ඉතා සුළු ගින්නක් පැවැති අතර මෙයින් කිසිවකුටත් හානි සිදු වී නැතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පැවසීය.
ගින්න නිවා දැමුවද මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන්තාවයක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ට හැමදාම ගිනි දෙන කට්ටියට මේ වගේ පොඩි ගින්නක් දකිනකොටත් බය ඇති. දන්නවනේ කරලා තියෙන පව්...
ගින්න නිමුවේ අපරාදේ ඔක්සිජන් දෙන්න තිබුනේ... රටට හොඳකාලයක් උදාවෙනවා සිකුරුයි.
ඔක්කොමල ඇතුළේනම් දොරවල් ලොක්කරලා තියන්න තිබුණේ.
අයියෝ යුද්ධයක් තියෙන කාලෙදිවත් කර ගන්න බැරි උන වැඩේ, ඇයි ස්වභාවික උන වෙලාවේ ගින්න නිවලා දැම්මේ. ඒ කියන්නේ අපේ දේශපාලන හොරුන්ට තාව ආයුෂ තියනවා වගේ. අනේ රටේ සාමාන්‍ය ජනතාව ගැවසෙන තැනක උනානම් ගිනි නිවන හමුදා පැයකටවත් එන්නෙ නෑ.
අපරාදේ ගින්න නිවාපු එක, මුළු පාර්ලිමේන්තුවම ගින්නෙන් අලුවෙලාම යනදී තිබුනේ,රටට විශාලා සෙතක්වෙන්නට ඉඩක් තිබුණ ,නමුත් මෙරටේ ජනයා මහා අභාග්යවන්තයි...
පව් කරන අය භය වෙලා
ඕක සම්පූර්ණයන්ම පිච්චිලා අලුවෙලා ගියානම් හරි. ඕකේ ඉන්න හරක් ගාලත් එක්කම...
අපරාදේ නිව්වේ හෙන ගහන්න ඕනේ නිවපු අයට...
ගින්නත් මේ 225ටම සාධාරණය ඉෂ්ඨ කරලා නැහැනේ...
බලගතු අපරාධකරුවන්ට නීතියෙන් ගැලවෙන්න පුළුවන්. ලොකු ලොක්කන්ට හිල් තිබෙන නිසා. ස්වභාව ධර්මයෙන් නම් බේරෙන්න බැහැ. අපරාධ කරපු දේශපාලකයින් ගොඩකට මරණ දඩුවම දීලා තියෙනවා. පරිස්සෙමෙන් !!
ගින්න නිවුනේ නම් එය ජාතියේ අවාසනාවට සිදු වූ දෙයකි.
අනේ අපරාදේ ගින්න නිව්වේ...