(නාලක සංජීව දහනායක)
කවුරු කුමන කයිවාරු ගැහුවත් මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බිහිවෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ බලවේගයෙන් යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (09) පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ කඳවුරෙන් රටේ ජනමතයෙන් සියයට 60ක් පමණ නියෝජනය වන බවද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
‘මේ රටේ පැවැති මැයි රැලි අතරින් අතිසාර්ථකවූත් දැවන්තවූත් මැයි රැලි පැවැත්වීමේ ගෞරවය මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙලා ඉවරයි. ගෙවුණු අවුරුදු තුනේ දී අපි පවත්වන ලද කිරුළපනල ගෝල්ෆේස් මෙන්ම මෙවර ගාල්ල මැයි රැලිය ද ඊට සාක්ෂි දරනවා.
අපිට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලෙදි කියලා. ඒ රැලියට ආවා වගේ දහස් ගුණයක ජනතාවක් මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට පැමිණ සිටියාග ඒකාබද්ධ විපක්ෂය මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගයක් බවට පත්වෙලා ඉවරයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ලෝකයටම පෙන්නුවා ආණ්ඩුවට වඩා ජනතාවක් අපිට ඉන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුවට එරෙහිව රට පුරා පවත්වන ලද සෑම ජනරැලියකදීම අපි අපේ ශක්තිය පෙන්නුවා. ඒ අනුව බලන කොට අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්.
ඒකාබද්ධයේ ශක්තිය කොච්චරද කියනවා නම් ජනාධිපතිගේ පක්ෂය මඩකලපුවට තල්ලු කරලා අගමැතිගේ පක්ෂය ගෘහස්ථ ක්‍රීඩාංගණයකට කොටු කරන්න තරම් හැකියාවක් අපට ලැබිලා තියෙනවා. දැන් ආණ්ඩුව මැයි රැලියක්වත් තියාගන්න බැරි තරම් දුර්වල තත්ත්වයකට වැටිලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මට මතක ඇති කාලයේ පටන් මම තාත්තත් එක්ක මැයි රැලිවලට සහභාගී වෙලා තියෙනවා.
පක්ෂයේ ලේකම්වරු දෙන්නට පිං සිද්ධ වෙන්න ඉතිහාසයේ පළමු වතාවට වෘත්තීය සමිතිවල සහභාගීත්වයක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියක් පැවැත්වුණ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ පනත අනුමත වුනාට පස්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඉතුරුවෙන්නේ මාපිලෙක් වෙන්නත් බැරි නෑ.
හද මෝරන කොට බල්ලෝ බුරනවා. ඒ වුනාට එ්කේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. එ්ක ඒ අය දන්නේ නැහැ. බුරලම ඒ අයටම ඇතිවෙනවා
මේ ප්‍රසන්නට වංචා නඩු කීයක් තියනවද? මහ ලොකුවට මේ මිනිහා බයිලා ගහනවා. මේ මිනිහගේ නඩු ඉක්මණින් අසා හිරේ දැම්මාම කටේ සැර අඩුවෙයි.
20 වන සංශෝධනයට මොකද වෙන්නේ.?
අගමැති තුමාට නඩු වැටෙන එකක් නැහැ නේද ?
ඔබතුමාලට වුවමනා රටේ ඉතිරිව ඇති සාරය උරා බී රට තවත් ණය ප්‍රපාතයට ඇද දමන්න බව ඉතා පැහැදිලියි. දුප්පත් ජනතාව කපටි දේශපාලකයින් හරි හැටි හඳුනාගෙන නොමැති වීම නිසා ඔබතුමාලාගේ අරමුණ ඉෂ්ඨ කර ගැනීම අපහසු දෙයක් නොවේ.
ඔය නොකියා කියන්නේ ඝෝඨාව ගේනවා කියලනේ? එහෙ නම් දැන්ම තියා ලෑස්ති වෙන එක නුවණට හුරුයි. කොහෙට හරි රටකට පැනලා ජීවිතේ බේරගන්න එක. මොකද ඒකාබද්ධයේ අයට ලොකු වුවමනාවක් තියනවා මෙයාව ගෙනැල්ලා ඔවුන්ට විරුද්ධ අයට සහ සුළු ජාතින් නැත්තටම නැති කරලා දාන්න.
ප්‍රසන්නගේ අයියා අර්ජුන එක්සත් ජාතික පක්ෂයේ, අනික් කෙනා රුවන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රසන්න, ඒකාබද්ධ විපක්ෂය උඩින් උඩින් ප්‍රශ්න... නමුත් මොන ආණ්ඩු බලයට ආවත්, කාට කාටත් මොන ප්‍රශ්න තිබුණත් සහෝදරයින් සුවසේ වාසය කරාවි ඒක ඒකාන්තයි.
එහෙම අනාවැකියක් කාටවත්ම කියන්න බැහැ. සුරංගනා ලෝක මවලා ජනතාව මුලාවෙන කතා කියන්න එපා. නව අධිකරණ ක්‍රියාත්මක වෙලා නඩු ටික ඉක්මනින් ඇහුවොත් මේ වාතාවරණය වෙනස් වේවි. සෙනඟ ගැන කිව්වම ඉතින් සෙනඟ ඇදීම ඔබතුමාලාට අලුත් දෙයක් නොවෙයිනේ. ජනාධිපතිගේ පක්ෂයට අද මෙහෙම කිව්වට එදා එකතුවෙන්න කොපමණ උත්සාහ කළාද? යූ.එන්.පීයේ අඩුපාඩු වැරදි හදාගෙන නව වැඩ පිළිවෙලකින් ඉදිරියට ගියොත්, එය ඔබතුමාලට විශාල අභියෝගයක් වේවි. ඔබතුමාලා කියන විදිහට මේ කාලයේ ඔබසැමට තියෙන අධිකරණ ක්‍රියාවලට ඔබතුමාලා නිර්දෝෂ නම්, එජාපයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්නේ. වැරදි කරලා තියෙන නිසා එහෙම කරන්නත් බැහැනේ. එහෙම නේද?
හලෝ සේනක, රටට අබ සරණ වෙන්නේ ඔබ වැනි උදවිය මේ කම්බා හොරුන්ට ආවඩන නිසයි. හොරා හොරාමයි මේ කොච්චර කයිවාරු ගැහුවත්. කරුණාකර මොලේ උඩ ඉඳගන්නෙ නැතිව අනාගත පරපුර ගැන හිතා තීන්දු තීරණ ගන්නා මෙන් ඉල්ලමි.
ඒ පැත්තෙනුත් හොරුය... මේ පැත්තෙනුත් හොරුය. මෙතන කොමෙන්ට් දාන සමහර උන්නැහේලාත් හොරුන්ට සපෝර්ට්ය. මම කෙසේ අත් පා දිග හැර නිදා ගනිම්ද?