(නිමල කොඩිතුවක්කු)
සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කර ගන්නේ නම් එයට මත්තෙන් සිදුකළ යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබේ.
රුපියල් මිලියන හැට දහසකට ආසන්න වත්කමක් සහිත සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත්කර ගැනීමට පෙර එහි සේවක අයිතිවාසිකම් තහවුරු කරන ලෙසද එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකලූගේ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.
විශ්‍රාම වැටුප් අහිමිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන 23,206 කට ආසන්න සියලූ සේවකයින් හට සිය අධිකාරිවල පත්වීම් දිනයේ සිට පත්වීම් ලබාදි සේවකයන් සතු සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සියලූ මුදල් සහ පාරිතෝෂික මුදල් නිදහස් කර පවතින ගැටලූ නිරාකරණය කිරිම ඇතුළු ඉල්ලීම් ඒ අතර වේ.
සමෘද්ධි බැංකු 1074 තුළ තාවකාලික පදනම බදවාගෙන ඇති පරිගණක සහයකයින් ස්ථිර කිරිම, 2014 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉසුරුමත් නිවහනක් වැඩසටහන යටතේ සමෘද්ධි බැංකු මගින් සමෘද්ධිලාභී ජනතාවට ලබාදුන් රුපියල් 2500 නිවාස ආධාර මුදල් නැවත සමෘද්ධිලාභීන් වෙත නිදහස් කිරීම, සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදල යටතේ පැවති සමෘද්ධි ලාභීන් හට ගෙවීම් අත්හිටුවා ඇති මරණ වෙනුවෙන් අදාළ ප්රතිලාභ ගෙවීම එම ඉල්ලීම් අතර වේ.
1995 ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරී පනතට අනුව ආරම්භ කළ සමෘද්ධි ව්‍යාපාරය එදා සිට අද දක්වාම දේශපාලනීකරණයට ලක්ව ඇති බවත් එදා සිට පාලන බලය හෙබවූ සෑම ආණ්ඩුවක්ම මෙයට වගකිව යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන විදියට දේශපාලනීකරණය වෙලානම් සුදුසු නැති උදවිය සැහෙන්න ඇති. හොඳ නරක මැනලා බලලා තීරණ ගත්තොත් තමා වඩාත් සුදුසු.
මෙහෙමනේ පුතේ. චන්දෙට ඉස්සරවෙලා මීළඟ අවුරුදු දෙකේ නටන්න හිතාගෙන ඉන්න තොයිලේට සල්ලි ගොඩක් ඕනවෙනව. ඔය සමුර්ධිය වෙනම තියෙද්දි එකේ සල්ලි වලින් තොයිලේ නටන්න බැහැ. එක නිසා එක මහා බැංකුව යටතට ගත්තම ඒ සල්ලි කන්දරාවම කැමති විදියට තොයිලේට වියදම් කරන්න පුළුවනි පුතාල කලබල නොවී ඉන්නකෝ බලාගෙන. සල්ලි ඉවර කලාට පස්සේ සමුර්ධි ලාභියෝ එ්කට නුසුදුසුයි කියල කපල දාපුවාම අායෙත් තොයිලේට වියදම් කරපු සල්ලි අපහු ගෙවන්න වෙන්නෙත් නැහැ. එකනේ සමුර්ධි සුදුස්සෝ ගැන හොයල බලන්න කමිටුවකුත් දැම්මේ. වැඩේ අප්සෙට් වෙන්න ගත්තොත් දාතු රවුමක් පෙන්නලා වෙසක් පොසොන් නත්තල් සිංහල වුරුදු වෙනස්කරලා අරපැත්ත බලාගෙන හිටපියවූ කියන එකනේ තියෙන්නේ. දුර දක්නා නුවන මල්ලියේ දුරදක්න නුවන. කරුමෙට කබල්ලාව ඔලුව හන්ගගත්ත වගේ වුනාට.
දැන් තමා මෙයාලට දේශපාලනීකරණය වෙලා කියල තේරිලා තියෙන්නේ, පව් කොල්ලෝ !!!! ඉන්නේ ඔක්කම කොත්මලේ කට්ටියද?
කවුරු කරත් සමෘද්ධි සහනාධාරය ලැබෙන්න ඕන පක්ෂෙට වැඩ කරපු එක පදනම් කරගෙන නෙවෙයි. ගම්වල තට්ටු ගෙවල් හදාගෙන අක්කර 10-15 ඉඩම් තියෙන වාහන තියෙන, කඩවල් තියෙන සමහරු පවා සමෘද්ධි ගන්නවා කියලා අපි නෙවෙයි කියන්නේ දේශපාලනඥයොම තමයි. නුසුදුස්සන් ඉන්නවා නම් හොයලා බලන එක හොඳයි. ඒ වගේම ලංකාවේ තියෙන අවසරලත් සියලු වානිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු හා මූල්‍ය සමාගම් මහ බැංකුවේ නියාමනයට යටත් නම් , සමෘද්ධි බැංකුව පිටත ඉන්න එක භයානකයි.
මහ බංකුෙව් මූල්‍ය පාලනය යටතට ගන්න ඒක ෙහාදයි . දුප්පතුන් ෙවනුෙවන් විෙශ්ෂ බැංකුවක් විධියට පවත්වාෙගන යන්න මහ බැංකුව සැලසුම් කරන්න.