(ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක බණ්ඩාරනායක ජාත්යතන්තර ගුවන්තොටුපළ තීරුබදු අලෙවිසලකට අයත් ගබඩාවක (9) අලුයම හට ගත් ගින්නකින් එහි තුළ තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදුලි උපකරණ දැවි විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.
ගින්න හට ගෙන පැය කීපයකින් පසුව ඇතිවු තද දුමාරය ගුවන්තොටුපලේ රේගු පරිශ්‍රය, පැමිණීමේ ගොඩනැගිල්ල ඇතුළත ප්‍රදේශ කරා පැතිර ගිය බවත් ගිනි නිවන රථ ඇතුළු පිරිස් පැමිණ ගින්න පැතිර යාම වළක්වාලීමට කටයුතු කර තිබු හෙයින් සිදුවන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවු බව ගුවන්තොටුපල තුළ සිටි පිටතට පැමිණි නිලධාරියකු පැවසීය.
පෞද්ගලික අලෙවි සමාගමකට අයත් බව පැවසෙන (බොන්ඩ්) ගබඩාව තුළ තිබු වටිනා රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ යන්ත්‍ර,වොෂින් මැෂින් ,ගෑස් කුකර් ඇතුළු වටිනා භාණ්ඩ ගින්නට හසුවි දැවී තිබු බව පොලීසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd