(මනෝප්‍රිය ගුණසේකර)
සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී පැමිණිලිකරුට කොටි බුද්ධි අංශයේ ජෝසප් නැමැත්තෙකු බව කියමින් යමෙකු තර්ජනය කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ අසිත ඇන්තනී මහතා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
මේ පිළිබද වැඩිදුර විමර්ශනය සඳහා කාලය අවශ්‍ය බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.