(මනෝප්‍රිය ගුණසේකර)
සෙවනගල සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය ලබා දීමට නිර්දේශ සඳහා රුපියල් කෝටි දහයක අල්ලසක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (09) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී පැමිණිලිකරුට කොටි බුද්ධි අංශයේ ජෝසප් නැමැත්තෙකු බව කියමින් යමෙකු තර්ජනය කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව නීතීඥ අසිත ඇන්තනී මහතා මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
මේ පිළිබද වැඩිදුර විමර්ශනය සඳහා කාලය අවශ්‍ය බව කියමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයි දාගෙන යන්නේ වැදගත් කියලා පෙන්නන්නද?
ටයි පටි ඇඳගන, සතුටු මුහුණින්, අත් උස්සගන මාධ්‍යට තමාගේ සංදර්ශන පෙන්නනනවා. මෙහම ගියොත් ටයි පටියට තියන ගරුත්වයත් නැත්තටම නැති වෙනවා.
කෝ අත් මාංචු ?
පිරිත් නූලකුත් අතේ....
ඇත්තටම මාංචු තිබෙන්න ඕන නේද? සමහර විට ගන්න හදපු ගාන ලොකු නිසා වෙන්න ඇති.
හැබැයි මාංචු වැටෙන්න ඕනේ තව ගොඩාක් ඉන්නවා. ඉස්සරත් ඉන්නවා දැනුත් ඉන්නවා.
බොඩි ලැන්වේජ් එක අනුව මීට වඩා මොකක් හෝ ලොකු දෙයක් තියෙනවා. බය නැහැ වගේ පෙන්නේ. ඕක තව කීදෙනෙකුට බෙදන්න තියෙනවද දන්නේ නැහැ. ඒ නම් ගම් එලියට එයි ද මන්දා.
මොනවා උනත් රටේ හොද වෙනසකුත් වන බව පේනවා. නැත්නම් මේවා කෙළවර වෙන්නේ මෙහෙම නොවේ...
අපේ රටේ වංචා කරන අය මොකද මෙච්චර ආඩම්බරෙන් හැසිරෙන්නේ?
අත උස්සන්නේ ඇයි ? පදක්කමක් දිනලද ?
අර්ජුන්ලා මාමා, බෑණා ජෝඩුව සහ මේ දෙන්නා අනුන්ගේ පව් කර ගහන්න ගියපු 'නර බිලි'..
මේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි....
ගමේ දුප්පත් මිනිහෙක් නැති බැරි කමට පොල් ගෙඩියක් හොරකම් කරා නම් බලා ගන්න තිබුණා. මේ මේවා මරණ මංචකයෙදි හරි පලිසන් දේවා
මේ තරම් ගාම්භීර විදිහට යන්නේ....... මේවා පස්සේ දේශපාළුවෙකුත් ඇති.
මේක පිටුපස තියෙන්නේ දේශපාලන බල පොරයකි. වක්‍රාකාරයෙන් මේ සිද්ධියෙන් ඇතිවුණු ලැජ්ජාව, පීඩනය ජනාධිපතිතුමාටත් දේශපාලනමය වශයෙන් බලපානවා. එහෙම නම් මේ සිද්ධිය පිටුපස කාගේ හෝ බළල් අතක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියන් සමාගම වැඩ කරලා තියෙන්නේ ඔය කියන බළල් අත වෙන්න බැරිද?
මේ අය නම් පට්ට හොරුම තමයි
ටයි දාගෙන මහා ගාම්භීරව කැමරා ඉස්සරහ පෙනී සිටින්නේ අපි හොරකම් කරලා වාගේ. අනේ ගමේ අහිංසකයෙක් කෙසෙල් කැනක් කපපුවාම මාංචු දාලා දස වද දීලා ඉවර කරනවා. රටකට ගිය කලක්... කවුරු ආවත් නීතිය බල්ලාට කියන කථාව මෙතනින් තේරුම් ගන්න පුළුවන්.. මේ වාගේ හොරු ගැන අර ඇමති කෙනෙක් ඊයේ, පෙරේදා කියපු කථාව මතක් වෙනකොට ඒ ඇමතිගේ අම්මාවත් මතක් කරන්නත් වෙනවා. මොකද මේ හොරු කියලා දැන ගෙනත් අහුවුනාට පස්සේ කට අරින අය මේ අයටත් වැඩිය හොරු...
රටේ යකඩ විකුණන්න ජරාව කන්න ගිහිල්ල අහුවෙලා තව ටටා කියකියා උජාරුවෙන් යනවා.
මේ බිලි බෝයිලා විතරයි...
දිසානායක මහතාගේ පුතාගේ හොඳම මිතුරා ගැනත් බලන්න. ඉඟියක් ලැබේවි...!!!
මහානාම ඉන්නේ හරියට මට ඕවා ගානක් නෑ වගේ...