(නිමල කොඩිතුවක්කු)
ගොවීන්ගෙන් වට්ටක්කා තොග මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම මත මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී අද (8) පැවසීය.
මෙවර වට්ටක්කා අස්වැන්න ඉහළ යාමත් ඊට සාපේක්ෂව වෙළඳපොලේ මිළ පහළ යාමත් හේතුවෙන් අසීරු තත්වයට පත්වූ ගොවීන් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.
නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසුව කොළඹ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිළධාරීන් වෙත මුදා හැර ඇති අතර වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළඳපොළ වෙත නිකුත් කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී අදාළ නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
වගා කටයුතු වලදී ගොවින් වෙළඳපොළ සහ කාළගුණික තත්ත්වය සැළකිල්ලට ගනිමින් වගා කටයුතු සඳහා යොමු කිරිමට අවශ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් සිදු කරන ලෙසටද මහින්ද අමරවීර මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. බී වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ලේකම්වරුන්ගෙන්වත් ගොවි ජන ලොක්කන්ගෙන්වත් මොකක්ද ඇති වැඩේ, ගොවීන්ට නිසි උපදෙස් දීලා වගා කාල සටහනක් සකස් කරන්න බැරි වුනා නම්. දිස්ත්‍රික් ලේකම්වරු කන්න රැස්වීම් පවත්වලා මොනවද දීපු උපදෙස්? අන්තිමට අධි-අස්වැන්නක් එනකොට ආණ්ඩුවට කර ගහන්න කියනවා. කෝ අර උගන්වන සමායෝජනය? කෝ සැලසුම්?
වට්ටක්කා මිලදී ගෙන කරන්න යන්නේ කුමක්ද? මොනා හරි සැලසුමක් තියෙනවද?
අනේ ඇත්තට. මැති ඇමතිලා තීන්දු තීරණ ගන්නකොට වෙන්න ඕනි ඒවා වෙලා ඉවරයි. මේවගේ පාලකයෝ ලබන්න අපේ මිනිස්සු ජාති ජාතිත් පව් කරලා ඇති.
ලක්ෂ 50? දේශපාලකයන්ට රථ වාහන ගන්න කොච්චර දෙනවද
ඇමතිතුමෝ ! ඉස්සර තිබුනා ශිත ගබඩා අලෙවි දෙපාර්තුමේන්තුව සතුව (1960-1970 දශකය). එම ගබඩා නැවත කඩිනමින් ප්‍රතිසංස්කරණය කලොත් ගොවීන්ට ඉක්මනින්ම සහන සලසන්න පුළුවන් වෙයි.
දේශපාලකයන් සමග සම්බන්ධතා පවත්වන ආර්ථික මධ්‍යස්ථානේ අතරමැදියෝ බලාගෙන සිටියේ වට්ටක්කා කුණු කොල්ලෙට ගන්න. නමුත් ගොවියෝ කුණුවෙලා විසි කරත් මේපාර මේ අයට දෙන්නේ නැහැ කියලා. කොටසක් විසි කරා, තව කොටසක් දන්සල් දුන්නා. එතකොට කාර්ගිල්ස් එකෙන් ඇවිල්ලා සහතික මිලට වට්ටක්කා ගන්න පටන්ගත්තම මේගොල්ල දැන් කියනවා ආණ්ඩුවෙන් වට්ටක්ක අරගන්නවලු සහතික මිලකට.
රුපියල් මිලියන 50 ට වට්ටක්ක කිලෝ එකට පනහ ගානේ කිලෝ මිලියන් එකක් ගන්න පුළුවන්. එක ගොවියෙක් කිලෝ 1000ක් වික්කොත් ගොවියෝ 1000 ක් ගේ වට්ටක්ක ටික ගන්න පුළුවන්. නමුත් ගොවියෝ 50000 ක් විතර ඉන්නවා වට්ටක්ක විකුණගන්න.
කාගිල්ස් ආයතනය වට්ටක්කා මිලයට ගැනීම නිසා ගොවි ජනතාවට සහනයක් සැලසුණා.ඒ වගේම ඒ වැඩෙන් සමහර දෙනාගේ රෙදි ගැලවී නිරුවත රටට පෙනුනා.දැන් හරි ඒක වහගෙන ගොවි ජනතාවට සේවය සැලසීමට සිතීම වැදගත් දෙයක්.
පුරාණ සෘෂිවරු කියලා තියනවා වට්ටක්කා ඉසකුඩිච්චිය සදහා යොදාගන්න හොදම ඖෂධයක් කියලා.
බල්ලාගේ වැඩේ බුරුව කරන්න යන්න හොඳ නෑ.මේ වෙලාවේ කෘෂිකර්ම අමත්‍යංශය කරන්න ඕනි අස්වැන්න අලෙවිකරගන්න අවශ්‍ය රාජ්‍ය හා පුද්ගලික ආයතන සම්බන්ධීකරණය කරලා දෙන එක.මොකද කෘෂිකර්මෙට සතොස,කාගිල්ස් වගේ අලෙවි ජාලයක් නෑ.