තුන් වසරකට පමණක් ග්ලයිපොසේට් භාවිතයට අනුමැතිය
(බිඟුන් මේනක ගමගේ)
වසර තුනක කාලයක් සඳහා තේ සහ රබර් වැවිලි වලට පමණක් ග්ලයිපොසේට් වල්නාශකය භාවිතයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා පැවැසීය.
ග්ලයිපොසේට් තහනම මගින් වැවිලි කර්මාන්තයට සිදු වූ බලපෑම හා ඊට අවසර දීමට ඇති හැකියාව සොයාබැලීම සම්බන්ධයෙන් පත් කෙරුණු අමාත්‍ය අනුකමිටු නිර්දේශවලට කැබිනට් මණ්ඩල එකඟතාව පළකිරීමෙන් මෙම අනුමැතිය හිමි වූ බව දයා ගමගේ ඇමැතිවරයා කීය.
වෙනත් බෝගවලට සහ ජල මූලාශ්‍ර වෙත ග්ලයිපොසේට් කාන්දු වීම වළක්වාලීම සඳහා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැනි අනෙක් සෙසු නියාමක ආයතන මගින් අධීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීම ද මීට සමගාමීව සිදුවනු ඇත.
මීට අමතරව ග්ලයිපොසේට් භාවිතාවට අවසර ලැබෙන කාලයේදී පාලු සිටුවීම සහ නැවත වගාව, විකල්ප බෝග ඇතුළු යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යොදාගැනීම සහතික කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කිරීම ද ඇමැති අනුකමිටු නිර්දේශවල සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020දී නුඹලාව කනෙන් අල්ලා දොට්ට දැම්මාම කොහෙද 3 වසරක් ඕක කරන්නේ?
මේකත් අර ඇස්බැස්ටෝස් තහනම වගේ... කෙළින් තීරණ අරන් ක්‍රියාත්මක කරන්න බැරි වැනෙන නායකයෝ රට පාලනය කරන කොට හැමෝම කරන්නේ තමන් කැමති දේවල්... එතකොට රට අරාජික වෙනවා.