(එච්. චන්දන)
වනාතවිල්ළුව - ගගේවාඩිය ප්‍රදේශයේ කැස්බෑවකු මාරා බෝට්ටුවකින් රැගෙන ගිය ධීවරයින් දෙදෙනකු නාවික හමුදා නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි.
නාවික හමුදාව කළ පරික්ෂාවේ දී කිලෝ 10 බරැති කැස්බෑවා සොයා ගැනීමට හැකි වී තිබේ.
එම ප්‍රදේශයේ මහ මුහුදේ ධීවර කටයුතු නියැලී මෙම ධීවරයින් දෙදෙනා සතුව තිබූ දැල් දෙකක්, ධීවර ආම්පන්න, බෝට්ටුව මරණ ලද කැස්බෑවා පොලිස් බාරයට ගත් බවත් වැඩිදුර පරීක්ෂණ සඳහා වනජිවී නිළධාරින්ට බාර දී තිබේ.
සිද්ධිය පිළිබඳව පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂක එම්.කේ චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි වන සත්ත්ව අඩවි ආරක්ෂක එම් ඥාණරත්න මහතා ඇතුළු පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
ඡායාරුප - රොවන් පෙරේරා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd