(ඩයනා උදයංගනී)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.
මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරාල එස්බී. දිසානායකල ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේ තම මතවාදය සමඟ කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් බව කී කොඩිතුවක්කු මහතා ඔවුන්ට එම මතවාදය සමඟ සිටිය නොහැකි නම් ජනාධිපතිවරයා විසින් ලබාදුන් මන්ත්‍රී ධූර යළිත් භාරදිය යුතු බව සඳහන් කළේය.
එවිට තම මතවාදය ගරු කරන පිරිසක් එම ධූරයන්ට පත්කරගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමිවන බව ද ඔහු කීවේය.
දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වී එම ආදර්ශය ලබාදුන් බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.
කොඩිතුවක්කු මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලලා අස්වෙයි කියල තමයි බය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතර අතට බෙදා දමමින් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ මොකද කියන එක තමයි තියෙන ලොකුම ප්රශ්නය...
අනිකුත් අය කොහොම වෙතත් එක්කෙනෙක් නම් ඉන්නවා. කොයිම පක්ෂකවත් තියාගන්න හොඳ නැති... එයා කලේ වාසියට පක්ෂ මාරු කරකර මෝඩ හිනාව දාන එක විතරයි...
මොවුන් ඉල්ලා අස්වන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත යුතුයි... මොවුන් නෙරපන්න. ඒ වගේම නීති සම්මත කරගත යුතුයි. තමා පත්කරගත් පක්ෂයෙන් ඉවත්වූ විට නිකම්ම මන්ත්‍රී ධුරය අහෝසිවෙන්න.
හරියට හරි. පිනට ලැබුණු දේ වැරදි වැඩ වලට පාවිච්චි කරන මේ අය එලවන්න ඕනෑ. මොකද ජනතාව කොහොමටත් එදා එලවලනේ හිටියේ.
වැරදි වැඩවලට කිවුවේ මහබැංකුව හොරකපු අගමැතිතුමාට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරපු එකද.
ජනතාව ප්‍රතික්ෂේප කරපු මෙම පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට ගත්තේ මේ ගොල්ලගේ ලොකු මහත්මය තමා.. රනිල්ගේ දේශපාලනය සමග මම එකඟ නොවුණත් ඔහු පැරදුන රෝසි සේනානායකව පස්ස දොරෙන් ඇතුළට ගත්තේ නැහැ.
විලි ලැජ්ජාවක් තියනවා නම් මෙලහටත් අස්වෙලා ඉවරයි. ලජ්ජා නැතිකම මන්ත්රීකමටත් වඩා ඉහළයිනේ !