එකම පවුලේ තුනක් උමා ඔයට බිලි උමා ඔය ගල්ගේවත්ත තොටුපළේ ගිලී මියගොස් පාවෙමින් තිබූ වැලිමඩ මොරගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙක හමාරක දැරියක් ඇතුළු තිදෙනෙකුගේ මළ සිරුරු තුනක් අද (12) දහවල් 1.30 ට පමණ ගොඩගත් බව පොලීසිය පවසයි. 12 July 2017
“දූෂණ මර්දන ඒකකය වසා දමන්නේ ඇමතිවරුන්ගේ වැරදි වහගන්නයි“ දූෂණ ලේකම් කාර්යාලය අහෝසි කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහි දූෂණ චෝදනා විමර්ශනය කිරිම වැළැක්වීමට යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 12 July 2017
කොටි තොප්පියක් ලන්ඩන් යවන්න හැදු තිදෙනා නිදහස් එල්ටීටීඊ සංවිධානයට අයත් ලාංඡනයක් සහිත තොප්පියක් ලන්ඩන් නුවර බලා යැවීමට සැලැසුම් කළැයි චෝදනා ලැබ මාස 15 ක් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබලකු ඇතුළු තිදෙනෙකු නිතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය. 12 July 2017
සැප්තැම්බරයේ සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම් ලන්ච් ෂීට්,රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 12 July 2017
එක්දින නායකත්වය තරංගට - ටෙස්ට් නායකයා චන්දිමාල් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 12 July 2017
හොර වයස දාලා රට ගිහින් හතලිස් අට හැවිරිදි වියේ බව සඳහන් ව්‍යාජ ලියකියවිලි සකසා පනස් අට හැවිරිදි කාන්තාවක් කටාර් රාජ්‍යයේ රැකියාවට යාමේ පුවතක් හෙළි කර ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය සමත් වී තිබේ. 12 July 2017
’සයිටම් විරෝධී ජන පවුර සංවිධාන වී අවසන්’ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සයිටම් විරෝධී ජනපවුර සංවිධාන ගතවී අවසන් වී ඇති බවත් ඒ සඳහා සෑම වෘත්තීය ජන කොටසක්ම ඒකරාශී වි සිටින බවත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්යේ ලේකම් වෛද්‍ය උපුල් සංජීව ගලප්පත්ති මහතා සඳහන් කළේය. 12 July 2017
මිනින්දෝරුවෝ අදත් වැඩ වරති රජයේ මිනින්දෝරු සංගමය අදත් (12) සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පවසයි. 12 July 2017
මැතිව්ස් ඉල්ලා අස්වෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ. 11 July 2017
ඩෙංගු තුරන් කරන්න ජාතික වැඩසටහනක් සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය තුරන් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්ව ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි. 11 July 2017
දූෂණ මර්දන ඒකකය වසා දැමීමේ සාකච්ඡා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට අද පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ. 11 July 2017
සක්විති සමාගමේ ලිපිගොනුවක් අස්ථාන වීම ගැන සොයයි සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ලියාපදිංචි ලිපි ගොනුව සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් අස්ථාන ගත වීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) රහස් පොලිසියට නියම කළේය. 11 July 2017
අතුරුදන්වීම් ගැන සොයන්නැයි එජා මහලේකම්ගෙන් ඉල්ලයි ඉකුත් කාලවලදී ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමේන් සොයා බලන්නැයි ඉල්ලා කොටි හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය විසින් විශේෂ සංදේශයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට බාර දෙනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2017
නව පාලන ක්‍රමයකට ශ්රීලනීපයේ අවධානය පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟතාව පළ කර නැතැයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. 11 July 2017
රවීට ලොතරැයි මණ්ඩලය දීම ගැන තවත් පෙත්සමක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. 11 July 2017
වරාපිටියේ සිසුන් ජවිපෙ මැයි රැළියට ගෙන ගියාදැයි සොයයි අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි 01 වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීම ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 11 July 2017
අර්ථසාධක අරමුදලේ ගැණුම්කරුවකුගේ සේවය අත්හිටුවයි සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවකු ලෙස කටයුතු කළ සමන් කුමාර මහතාගේ සේවය සඳුදා (10) සිට අත්හිටුවා ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (11) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 11 July 2017
ගයන්තට මඩ ගැසීමේ සිද්ධියේ පරීක්ෂණ ඇරඹෙයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අවතැන් ජනතාව වෙත බෙදා හැරි බව කියමින් කූඨ ලේඛනයක් සහිත ලේබලයක් ඇලවූ කෙසෙල් ගෙඩි දෙකක් සහිත ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලා ගිණුම් හරහා ප්‍රචාරය කළැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 11 July 2017
ගැබිණි මව්වරුන්ගේ වවුචරය ඩිජිටල් වෙයි ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලෙස මාසිකව ලබාදෙන රුපියල් 2000ක වවුචරය ඩිජිටල් වවුචරයක් ලෙස ජංගම දුරකථනය හරහා ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි. 11 July 2017
හිටපු ජනපති රියදුරුටත් ඇප නෑ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පීරිස් ලබන 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(11) නියෝග කළාය. 11 July 2017
ජනමාධ්‍ය කොමිසම ගැන කෙටුම්පත මාස දෙකකින් ජනමාධ්‍ය නියාමන කොමිසම පිළිබඳ කෙටුම්පත මාස දෙකක් ඇතුළත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කර තිබේ. 11 July 2017
සයිටම් යෝජනාව එජාපයේ විරෝධතා නිසා ඉවතට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා සබරගමු පළාත් සභාව වෙත ගෙනා යෝජනාවක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා හේතුවෙන් විවාදයට නොගැනීමට එහි සභාපති කංචන ජයරත්න මහතා අද (11) පියවර ගත්තේ ය.සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා සබරගමු පළාත් සභාව වෙත ගෙනා යෝජනාවක් විපක්ෂයේ එක්සත් ජාතික 11 July 2017
’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’ අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 11 July 2017
උමා ඔය හානියට ඉරාන සමාගමෙන් වන්දි ගත යුතුයි - රවීන්ද්‍ර කාරියවසම් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සිදු කරන ඉරාන සමාගම නිසි ආකාරයට වැඩ කටයුතු සිදු කර නැති බව ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිගෙන ඇති බැවින් වහාම එම සමාගමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 11 July 2017
නාඋල දඩයම්කරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් පවතින නියං තත්ත්වයත් සමග ජලය සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් සඳුදා (10) ආරම්භ කළ බව ඇලහැර වන ජීවි කාර්යාලය කියයි. 11 July 2017
’දඹුලු රජමහ විහාරය වහන්න ඉඩ දෙන්නේ නෑ’ - මහ සඟරුවන පවසයි කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා නව ආසන සංවිධායක කියයි. මහා සඟරුවන උදේම දඹුලු රජමහා විහාරයට වැඩම කරවති . 11 July 2017
පිලියන්දල වෙඩි වැදුණු සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 25ක ආධාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු සිද්ධියේ දී තුවාල ලැබු පිලියන්දල පදිංචි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍ය සංදීප රුක්ෂාන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 25 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබේ. 11 July 2017
ලක්ෂ 10 ක තහනම් බඩු රේගුවේදී දැලේ විදේශීය නිෂ්පාදිත ස්වර්ණාභරණ ,දුම්වැටි සහ මත්පැන් තොගයක් නීතිවිරෝධීව සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි පුද්ගලයකු අද (11) කටුනායක ගුවන් තොටුපොළ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 11 July 2017
මනල්කාඩු සිද්ධියේ පරික්ෂණ කරන්න පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා යාපනයට පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේ දී වැලි පැටවු ටිපර් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා අද (11) යාපනයට ගොස් ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 11 July 2017
අසාත්මිකතාවක් නිසා වැලිපැන්නේ සිසුන් පිරිසක් රෝහලේ අසාත්මික තත්වයක් හේතුවෙන් වැලිපැන්න වලගෙදර මහ විද්‍යාලයේ 6,7,8 ශ්‍රේණිවල සිසුන් පිරිසක් ධර්ගා රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි පවසයි. 11 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026