(ඉන්දිකා රාමනායක)
වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට රත්නපුර ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සිටිය දී එහි සිටි හිමිනමකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් චන්ද්‍ර ජයලාල් සමරවික්‍රම මහතා උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
රාජකාරිය ඉටුකිරීමට යාමේදී ඝාතනයට ලක් වීම සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම උසස්වීම් සිදුකර ඇත.
පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊයේ පෙරවරුවේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට ගල්ඇන්ද විහාරස්ථානයට ගොස් සිටියදී සැකකාර හිමිනම එයට විරෝධය දක්වා පොලිස් සැරයන්වරයාට පහර දී ගෙල මිරිකා ඝාතනය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකට ආගම ඇදගන්න දෙයක් නැ. වරදක් කරලා තියෙනවනම් දඩුවම් දෙන්න. කොයි ආගමත් අදහන්නේ මෙ රටේ සමාජයේ ඉන්න මිනිස්සු. ඒවායේ පූජකයෝ වෙන්නෙත් ඒ අය. හැම ආගමකම එහෙමයි. එහෙම කියලා ආගම වෙනස් වෙන්නේ නැ හැබැයි ආගමේ ඉගැන්වීම් වලට සම්පූර්ණ විරුද්දව වැඩ කරලා තියෙන නිසා මේක ආගමට සම්බන්ද කරන්නෙපා. මොකද බුදු දහමේ කිසිම තැනක ආහාරය සදහාවත් අඩුම තරමේ සතෙක්වත් මරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් මේ චීවරධාරියගේ වැඩේට, මුළු බෞද්ධයන්ටම පහර ගහන්න බලාගෙන ඇති කට්ටිය.
අනේ දෙවි හාමුදුරුවනේ ගෞතම බුද්ධ ශාසනයට ගිය කල. වගකිවයුත්තෝ නිහඬය. අන්ධය. වැඩකට නැති දේ කියමින්, අවශ්‍ය දේ මගහරිමින් සුඛෝපභෝගී ජීවිත ගත කරති. පරාර්ථය හා දහම පසෙකලා ආත්මාර්ථය පිණිසම කටයුතු කරති. මේ සියලු ව්‍යසනයන්ට හේතුව එයයි."මතු මෛත්‍රී මහා බෝසතාණන් වහන්ස, දුසිල්වතුන් පන්නා ශ්‍රී සද්ධර්මය රැකදෙනු මැනවි"
මෛත්‍රිය කරුණාව දක්වන තැන මිනීමැරුම් කරන්ඩ තරම් අපේ සමාජය පිරිහිලා
මේ දේ අන්‍යාගමික පුජකවරයෙක් අතින් උනානම්...........
ඝාතනය පොලිස් නිලධාරියගේ සහ පවුලේ අයගේ ඇති නඩු / පෙර වැරදි / .... ආදී කියමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ මරණය සාධාරණ බවට ප්‍රකාශ කරන්නේ නැද්ද?
වසර පන්දහසකට පෙර බුදුන් වහන්සේ දේශනා කල ශාසනයේ පිරිහීම හරියටම හරි.
රන්වන් පාටින් දළුලන බෝධියක් සෙවනේ මෙවැනි අපරාධ සිදුවීමෙන් පෙනී යන්නේ අප කෙතරම් පහත් තත්වයකට පත්වී ඇත්ද යන්නයි.
මාලක ඔබ කියන්න ඕනෑම දේ කිව්වා.
මම පුද්ගලිකව මේ පොලිස් නිලධාරියාව දන්නවා. හරිම අහිංසක කාටවත් වැරද්දක් නැති පාඩුවේ හිටිය හොඳ මනුස්සයෙක්.
නිවන් සැප ලැබේවා
අපි සමාජයක් විදියට පිරිහිලා. මෙතන ආගමික ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ආගම කියන හැටියට හිටියනම් මෙහෙම වෙන්නේ නෑ
සමස්ථ සමාජයේම ධර්මය පිරිහී ගොසින්. එයට හොඳම උදාහරණයක් මේ සිදුවීම.
අහෝ බුදු හාමුදුරුවනේ මේ ඔබගේ උතුම් මෛත්‍රී කරුණා දහම උදේ හවා දෙසනා දේශයයි
නිවන් සුව ලැබේවා. ඉතාම කණගාටුදායක දෙයක්.
ඔබ තම රාජකාරිය කරමින් සිටිනවිටදී මෙසේ අවාසනාවන්තව ජිවිතෙන් හැරයාමට සිදුවීම පිලිබදව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු!!!!
රට පුරා පන්සල් වල තත්ත්වය මේකයි ..බුද්දාගමේ අවසානය අත ලගයි ...
ආසිරි මහත්තයෝ, බුදුහාමුදුරුවන්ට අද පහළ වෙන්න පුළුවන් නම් උන් වහන්සේත් වෙනත් ආගමකට යාවි. පොලිස් මහත්තයට උසස් වීමක් දුන්නානත් ඔහුව සාර්ථක ලෙස දමනය කල `බුද්ධපුත්‍රයන් වහන්සේටත්` නායක කමක් දුන්නොත් නරකද?
රටේ අපරාධ පිරිහිලා. අද මිනිහක් මරන්නෙක ඉතා සුළු සිද්ධියක් බවට පත්වෙලා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නවා විවිධ චෝදනාවල්ට ලක්වූ පිරිසක්. ඔවුන්ට තාම දඩුවම් නැහැ. රටේ අපරාධ පාලනය කරනවා නං, මුලින්ම කල යුත්තේ නීති හදන දියවන්නාවෙන් දඬුවම් පටන් ගත යුතුයි. මේ ආණ්ඩුව කල ලොකුම වරද්ද, එදා විමල් වීරවංශව අගමැති පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධයේ ආරක්ෂා කළා. එදාම මට තේරුණා මේ ආණ්ඩුව හොරුන් අල්ලන්නත් නැහැ, අපරාධ පාලන කරන්නත් නැහැ, දඩුවම් දෙන්නත් නැති බව.