(සුජිත් හේවාජුලිගේ)
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පින් පඩි ගසන. පිං වාහන ගන්න. පිං විශාම වැටුප් ගන්න මිනිස්සු ටිකයි.වෙන අය වගේ නොවෙයි පිං පඩි ගන්න මන්ත්‍රීවරුන් කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම බරපතළයි.”
සමාජ සවි බල ගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය.
විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිවරිය කොටි හිතවාදී ප්‍රකාශ නිකුත් කිරීම තවමත් නවත්තලා නැහැ. ඇයට විරුද්ධව කතානායකවරයා ඉක්මනින්ම සුදුසු පියවරක් ගනිවී කියලා බලාපොරොත්තු වෙනවා යැයිද රාමනායක මහතා කිවේය.
රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ ජනතාවට පුර්වාදර්ශය දිය යුතු පිරිසක්.සමාන්‍ය ජනතාව කියන දේවල් වගේ නොවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශවල වටිනාකමක් තියෙනවා. ඒ වගේම බෙදුම්වාදයට උඩගෙඩි නොදෙන බවට දිව්රුමකිනුත් සහතික වී ඉන්නවා.”
“විජයකලා කොටි හිතවාදි ප්‍රකාශයකි වගේම හිට්ලර් කතා ගැනත් පාර්ලිමේනතුවට බොම්බ ගහන කතා ගැනත් සොයන්න ඕනෑ මේවා බරපතළ කතා” යැයිද රාමනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 දෙනාගෙන් පින් පඩිගන්න කීදෙනෙක් ඉන්නවාද? කාර්යක්ෂම මන්ත්‍රීවරු දහදෙනෙක් ඉන්න බව මම අහලා තියෙනවා.
ඔය ප්‍රකාශ කරලත් දැන් දවස් දහයටත් වැඩි. ඇයි මෙච්චර පරක්කු? මේකත් මේ ආණ්ඩුවේ හොරු අල්ලන්න වගේ වේවිද?
ඊට පහළින් ඉන්න මන්ත්‍රීවරුන්ටත් පිංපඩි කතාව අදාළයි
අපෙන් පඩි ගත්තට කමක් නැහැ කියලා අපට සතුටුවෙන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා.
අයියා නාන්න බාල්දිය අතට අරන් වගේ
ඔබතුමා හැමදාම හරිදේ වෙනුවෙන් නැගී සිටියා. තමන්ට පාඩුවක් උනත්, ඒගැන නොසිතා වැඩකරන ඉතාමත් හොද පුර්වාදර්ශයක් දෙන මන්ත්‍රී කෙනෙක්. ඔබතුමාට තව තවත් හරි දේ කීමට හා කිරීමට නිරෝගීබව හා ශක්තිය ලැබේවා!
ඇමති තුමෝ ඇත්ත කතාකරන්නේ බොහොම පරිස්සමෙන් , මතකනේ කළු කොට් කාරයෝ ගැන ප්‍රකාශයක් කරලා වැට්ටිච්ච අමාරුව තවම එ්ක විසදිලා නැත . තත්වය එහෙම තිබෙද්දී "කපටි සුට්" කාරයෝ ගැන සත්‍ය ප්‍රකාශ කරන්න ගිහින් මේ දෙගොල්ලොම එකතුවෙලා ප්ලැනක් ගහල ඔබතුමාව හිරේ විලංගුවේ දමන්න බැරි කමක් නැහැ .