( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විලත්තිකුලම් වන රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් වැරදි තොරතුරු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ එහි වගඋත්තරකරු කර සිටින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් , අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතීඥවරයකු විසින් අද (12) අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ එම වන රක්ෂිතය සතු හෙක්ටයාර 2108 ක් සතු ඉඩම් ප්‍රමාණයක මුස්ලිම් ජනාවාසයක් තිබූ බවත් එල්ටීටීඊ පාලනය පැවති සමයේ එම ජනතාව ඉවත් කිරීම නිසා අහිමි වූ වාසස්ථාන යළි ඔවුන්ට ලබාදුන් බවට අමාත්‍යවරයා ඉකුත් අප්‍රේල් 6 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.
නමුත් 1972 රජයේ නිල දත්ත අනුව කිසිදු විටක එම ප්‍රදේශයේ ජනාවාස නොතිබු බවද, පැවතියේ විලත්තිකුලම් වන රක්ෂිතයක් පමණක් බවද නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
එලෙස අමාත්‍යවරයා අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 105.3 වගන්ති ප්‍රකාරව දිවුරුම් ප්‍රකාශයක් මගින් අසත්‍ය තොරතුරු අධිකරණයට සැපයීමට එරෙහිව විභාගයක් පවත්වා අදාළ අමාත්‍යවරයාට එරෙහිව දඬුවම් නියම කරන්නැයි පැමිණිලිකාර කොඩිතුවක්කු මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදියුද්දීන්ව ඇමති ධූරයේ තියාෙගන කොහොමටත් සාධාරණයක් බලාපොරුත්තු වෙන්න බැහැ........ මුලින්ම කලයුත්තේ ඇමැතිකමින් ඔහුව අයින්කිරීම.
මෙහෙම නීතිය කඩන අයට තනතුරු, ජාතිය ආගම නොබලා දඬුවම් කරන්න ඕනේ.
නාගානන්ද මැතිතුමනි, ඔබ අප වෙනුවෙන් තනිව ගෙනියන සටනට මගේ ආචාරය! ඔබ කියන්න වගේ මේවට අවදිවෙන්න ඕන නීතිඥ සංගමය වගේ කට්ටිය ගොරව ගොරව නිදි.