මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ නම් එම සැලසුම් හකුළා ගනිමින් මෙතෙක් එම දඬුවම ක්‍රියාත්මක නොකර පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
මරණ දඬුවම කෘර සහ වෙනස් කළ නොහැකි දඬුවමක් යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරැදිකරුවන් වී මරණ දඬුවම නියම වූ සිරකරුවන් 19 ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට වාර්තා වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
“වසර 40කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව මෙතෙක් එම දඬුවම ක්‍රියාත්මක නොකර පවත්වාගෙන පැමිණි කීර්තිනාමයට හානි කරගන්නවා. රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා එය කඩිනමින් නැවැත්විය යුතුයි. මරණ දඬුවම තාවකාලිකව නැවැත්වීම තුළින් එම දඬුවම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා පළමු පියවර ගත යුතු” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපය සඳහා වූ නියෝජ්‍ය අධ්යක්ෂ දිනුෂිකා දිසානායක සඳහන් කර තිබේ.
කලාපයේ ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවකදී ශ්‍රී ලංකාව කලාපයේ පෙරමුණ ගනිමින් මෙම කෘර සහ නොවැළැක්විය හැකි දඬුවම ක්‍රියාත්මක නොකර අගනා වාර්තාවක් පවත්වාගෙන පැමිණ ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ලොව බොහෝ රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරැදි පියවරක් ගැනීමට උත්සාහ කරන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
ක්‍රියාත්මක කරන ආකාරය, අපරාධය හෝ වෙනත් ඕනෑම තත්ත්වයකදී හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සම්පූර්ණයෙන් විරුද්ධ බව ද එම සංවිධානය ප්‍රකාශ කරයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සිදුකළ පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීම ජාතයන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව පවසන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වඩාත් දරුණු අපරාධ සිදුවන රටවල් පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරයි. උදාහරණයක් ලෙස චේතනාන්විත/අභිප්‍රායෙන් කරන ඝාතන සිදුවන රටවල පමණක් එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී ගන්නා ලද පියවර සියල්ලම ප්‍රතික්ෂේප කිරීමක් බව ද එම සංවිධානය කියයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පක්ෂව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවලදී අඛණ්ඩව ඡන්දය ප්‍රකාශයට පත් කර ඇතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිහිපත් කර තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීමට හෝ අපරාධ සිදුවීම නැවැත්වීමට හෝ හේතුවන බවට කිසිදු සාක්ෂියක් නැතැයි කියන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ නැවැත්වීමට විසඳුමක් නොවන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය තවදුරටත් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාව අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ 1976 වසරේදීය.
අද වනවිට රටවල් 142ක් මරණ දඬුවම නීතියක් හෝ ක්‍රියා පිළිවෙතක් ලෙස ක්‍රියාත්මක කිරීම අහෝසි කර ඇතැයි ද ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 19ක් ඕනෑම අපරාධයක් වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවලංගු කර තිබේ. තවත් රටවල් හතක මරණ දඬුවම නීතියක් ලෙස තිබුණ ද ක්‍රියාත්මක නොකරයි.
වසර 2017 දත්තවලට අනුව රටවල් 23ක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සඳහන් කරන ජාත්‍යන්ත ක්ෂමා සංවිධානය පසුගිය පස් වසරක කාලයේදී සෑම වසරකදීම මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ රටවල් 11ක් බවත් එය ලොව සමස්ත රටවල්වලින් සියයට 6ක් බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තරුණ වයසේ කොල්ලන්ට කුඩු දීලා පවුල් පිටින් මරලා දාන එක හොඳද?
ඔය කියන අර සංවිධාන මේ සංවිධාන කිසිම රටකට අවංකව හොදක් කලාද යන්න පිලිබදව සොයා බැලුවොත් අපි කාට කාටත් පිළිතුරු සොයා ගැනීම එතරම් අපහසුවක් නැහැ. අනිත් වැදගත් කරුණනම් අපි අපට අවංක වන්නේනම් මේ කොහෙවත් යන සංවිධාන කියන කියන තර්ක ගැන සිතීමත් විහිළුවක්.
එක් අපරාධ කරුවෙක්ගේ අයිතිවාසිකම් රැකීම යනු තවත් දහස් ගණනකගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. රටේ ජනතාව මේ මොහොතේ මේ ගැන තීරණයක් ගත යුතුයි. මත්කුඩු මුදලාලිලා මතින් තමයි පාලතාලය, මිනීමැරුම්,මංකොල්ලකෑම්, දූෂණ වර්ධනය වෙන්නේ මේ විනාශ වෙන්නේ රටේ අනාගතය. අද පාසලේ 10 පන්තියේ සිසුවත් කුඩු ගහනවා. සම්බාධක මතින් හෝ මෙය සිදු කල යතුමයි. මේ තීරණය අහලත් එම දඬුවම නියම වූ අයට උණ ගැනෙනවා අැති. කොහොමද අඩු නොවනවා කියලා සාක්ෂි ඉදිරිපත් කරන්නේ.
ඔය සංවිධාන තමා කුඩු වලට උදව් කරන්නේ
මේක කියන්න ඇමරිකාවට, පකිස්තානයට, ඇෆ්ගනිස්තානයට , මැදපෙරදිගට, ඊට පස්සේ අපිට කියන්න. නැත්නම් ලංකාවේ කුඩු උවදුර නවත්තන්න. නැත්නම් මරණ දණ්ඩනයට ලක්වුවන් ක්ෂමා ආයතනය රැගෙන ගිහින් තමන්ට කැමති රටක තියාගන්න ලංකාවට කරදරයක් නොවෙන්න. ලුසේනා.
මාර වැඩක්. මේ සංවිධාන ඔන විදියට වැඩ කටයුතු කලොත් අපේ අනාගත පරපුර සුනේ සුන්. මැලේසියාවේ, සිංගප්පුරුව, මැද පෙරදිග කුඩු අහු වුනොත් මරණය. ඒවා පේන්නේ නැද්ද.
පවත්වාගෙන ආපු වාර්තා මොකටද? කුඩු වලින් මුළු රටම ගිලගෙන නම්? ඔය සංවිධාන වලට කුඩු තර්ජනය ගැන මොනවද කරන්න පුළුවන්.?
මෙම සංවිධායට අප ගරු කරනවා. ඒත්, ඔබලා බලන ආකාරයට බැලුවොත්, අපේ රටේ ජනතාව මත් කුඩු උවදුරෙන් විනාශවීම ගැන කව්ද වග කියන්නේ. එතකොට පාතාලයන් මිනී මරමින් රටම ලේ විලක් කරමින් කරන අපරාධ වලට හා ඒවායින් විනාශ වෙන ජීවිත වලට කව්ද වග කියන්නේ. කව්ද ඒ මිනිසුන්ගේ මානව හිමිකම් රකින්නේ. වරදට දඬුවම තිබිය යුතුමයි. වරදකරුවා හුරතල් කරාම රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ව තමයි බිල්ලට ගන්නේ. යම් මිනිසෙකු සමාජයේ හා රටේ සිටින අනෙක් සාමකාමී ජනතාවට ජීවත්වීමට ඉඩ නොදේ නම්, ඔහුව එම සමාජයෙන් ඉවත් කල යුත්තේ සමාජයේම යහපත වෙනුවෙනි. එවිට දඬුවමට බියෙන් අන් අය වැරදි නොකරති. මරණ දඬුවම නොදිය යුත්තේ නිවැරදි අහිංසකයන්ටය. ඔවුන්ගේ මානව හිමිකම් වනසන, පාතාලයන් හා කුඩු ජාවාරම් කරුවන්ගේ මානව හිමිකම් රකින්නෝ සමාජ ද්‍රෝහියන් නොවේ යයි කාට කිව හැකිද ?
ඕකට ඔච්චර කලබල වෙන්න එපා, ඕකත් අර ඇස්බැස්ටෝස් පොලිතින් තහනම් කලා වගේ හැමෝටම අමතක වෙලා යාවි.
කැමති විදියකට සලකන්න කියලා මත්ද්‍රව්‍ය ජාවරම්කරයෝයි අපරාදකාරයෝ ටිකයි ඔය සංවිධානය භාර දෙන්න.
පුදුම සංවිධානනේ මේවා. යමෙකුට හරි රටට හරි හොඳක් කරන්න යනකොටම පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ මේ කට්ටිය හරස් වෙනවා. අපේ අනාගත පරපුර රැක ගන්නේ කොහොමද කියලා අපි ලත වෙනවා. අනේ ජනපතිතුමනි ඕක නම් වෙනස් කරන්න එපා.
මේක මාර වැඩක්නේ. මත් කුඩු නිසා විනාස වන ජීවිත වලට මේගොල්ලෝ වග කියනවද, ජනාධිපතිතුමනි මේක හොඳ තීරණයක්. මේක නවතා දමන්න එපා.
ඔන්න පටන් ගත්තා. මොකක් හරි හොඳ දෙයක් පටන්ගන්න කොටම අඬනවා. මේ අයගේ පදේට නටන්නේ නැති රටවල් කොච්චරක් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාද. ඇමෙරිකාව, සෞදි, ඉන්දුනිසියාව, සිංගප්පුරුව, චීනය
ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපය සඳහා වූ නියෝජ්‍ය අධ්යක්ෂ දිනුෂිකා දිසානායක මත් ද්‍රව්‍ය වැළැක්වීමට වගකීම අරන් වගේ නැත්නම් මත් කුඩු ජාවාරම ට උදවු කරන්ඩ නෙවෙයි එහෙම කියන්නේ
ඔක්කොටම කලින් ඔය සංවිධානේ කට්ටියව හොඳ මනෝ චිකිත්සකයෙකුට පෙන්විය යුතු අතර, එකකට එකක් ගැලපීමක් නොමැති අදහස් මෙහි දක්වා ඇත. හොඳම උදාහරණය "චේතනාන්විත/අභිප්‍රායෙන් කරන ඝාතන සිදුවන රටවල පමණක් එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි." ඉතින් මේ රටේ මත්ද්‍රව්‍ය ගෙන්වලා අනුන්ට පොවලා ටිකෙන් ටික මරවන කුඩු මුදලාලිලා ඒවා කරන්නේ චේතනාවෙන් නෙවෙයිද? මේ වගේ මෝඩ විකාර කතා වලට ඔය සංවිධාන හරි දක්ෂයි.
මේ සංවිධාන තමන්ගේ අරමුණු වෙනූවෙන් පමණයි පෙනී සිටින්නේ. තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සදහා රටක ජන ජීවිත අනතුරට ලක් වීමට වුවත් ඔවුන් ඉඩ හරියී. ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ට ආධාර කරන ආයාතන වලට තමන්ගේ සාර්ථකත්වය පිලිබදව වාර්ථා හා නිබන්දන සපයා තමන්ගේ වාර්ෂික ආදායම් මාර්ග සුරක්ෂිත කර ගැනීම හා ජාත්‍යන්තරව තම ආයාතනයේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමයි. ඒ නිසා එවැනි ආයාතනවලට මෙවැනී අධිකරණ ක්‍රියාමාර්ග අරබයා රටවල අභ්‍යන්තර කටයුතු වලට කල හැකී බලපැම අල්ප වන අතර එවැනී බලපෑම් නොසලකා රටතුල නීතිය ක්‍රියාත්මක කරමින් රටේ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජණයක් වන මෙවැනී උවදුරු මුලිනුපුටා දැමීම පාලකයන්ගේ වගකීම වේ.
කුඩුකාරයෙක් නිසා නොමැරී මැරෙන පවුල්, ඒ නිසාම නොමැරී මැරෙන දරුවෝ, ඔවුන් විසින් පොලඹවන අනෙකුත් සමාජය දරුවන් යන මේ ඔක්කොම බේරන්න කුඩුකාරයා මරලා බෑ. ඒක අපි පිළිගන්නවා. හුඟක් වෙලාවට කුඩු බොන්නේ නුවණින් අඩු, අධ්‍යාපනයෙන් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කුඩු ගේන්නේ, හොඳට හිතන්න පුළුවන්, හොඳ ව්‍යාපාර දැනුමක් ඇති, සමාජ පරිහානිය හොඳට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයන්. ඒ නිසා ඔවුන් මරණ දණ්ඩනයට අනිවාර්යයෙන්ම යටත් කළ යුතුය.
දිනුෂිකා දිසානායක මහත්මියනි, මේ අහන්න විදේශ රටවලට ඕන විදියට නටලා මේ වෙලා තියෙන දේ හොදටෝම ඇති. ජනාධිපතිතුමනි ඉක්මනට මේක ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙනවා මේකේ හැටි දන්නේ ළමයි ඉන්න දෙමව්පියන් මිසක් ඔය බොරුවට කෑගහන අය නෙමෙයි. මීට ඉස්සෙලා මේක ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අපරාද අඩු උන හැටි අපි දැක්කා
ඇමෙරිකාවේ ප්‍රාන්ත 31 ක මරණ දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. ඇයි ඉතින් මෙයාලා ඒවා නතර කරන්නේ නැතුව අපිට කෑ ගහන්නේ.
අපරාධකරුවන් සීයක් බේරුනද එක නිවැරදිකරුවෙක් මරණ දඬුවමට ලක් වුවහොත් ඒක අපරාදයක්
රටට සිමෙන්ති කොට්ට වගේ කුඩු එන්නේ රටම කුඩුවලින් විනාශ වෙලා ඉවරයි මරණ දඩුවම තමයි මෙයට දෙන්න තියෙන හොදම දඩුවම. ඡනාධිපතිතුමනි මේ තීරණ ප්‍රමාද වෙලා හරි ගත් හොදම තීරණයයි හැකි ඉක්මනින් මොවුන්ව තුරන් කරන්න මතු පරපුර වෙනුවෙන්
අපේ ළමයි කුඩු කාරයෝ වෙනකොට ඒක නවත්තන්න ඔය කියන සංවිධානය මොකක්ද කරේ කියලා අපි දැන ගන්න කැමතියි ?
තීරණය හොඳයි. නමුත් මේකෙ භයානක පැත්තක් තියෙනවා. අධිකරණය, පොලීසිය, දේශපාලනඥයන් අන්ත දූෂිතයි. වැරදිකාරයින්ට දඬුවම් දෙන එක කෙසේ වෙතත් හොඳ මිනිස්සුවත් බොරු පටලවලා මරයිද කියලා සාධාරණ සැකයක් තියෙනවා.
එක එක සංවිදාන කියන විදියට වැඩ කරන්න ගියොත් ඔය අපරාදකාරයෝ අහිංසක ජනතාවට මරණ දඬුවම දෙන එක කාටවත් නවත්වන්න බැහැ. ඔය සංවිදාන වලින් කරන්නේ රටවල් වල ප්‍රශ්න තවත් වැඩි කරන එක. අතිගරු ජනාධිපතිතුමනි ඔය ගත්ත තීරණය වෙනස් කරන්න එපා. අපරාදකාරයෝ හැර අනික් සියලු රටවැසියාම ඕකට කැමති වෙනවා අනිවාර්යයෙන්ම .
පුදුම සංවිධානයක් තමයි මේක. දහස් ගණන් පවුල් නොමරා මැරෙනවා. හරි දෙයක් කරන්න ගියාම බොරුවට සෝබන කතා පෙන්නවනවා..
එහෙමනම් හිරේ ඉඳන් ජංගම දුරකථන සාකච්චා නතර කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දෙන්න.
මරණ දඬුවම අවරුදු 40 ක්රීයාත්මක නොකර සිටීමෙන් රටට ලැබුන කීර්තියක් නැත. ලැබී ඇත්තේ අපරාධ වැඩි රටකට ලැබෙන අපකීර්තියකි. මිනී මැරුම් වලට ජීවිතාන්තය දක්වා හිරදඬුවම ලැබීම මරණ දඬුවමට වඩා වේදනාකාරීය. ඒ සිරකරු ජීවිතාන්නතය දක්වා විඳවන නිසාය. නමුත් විනාසකාරී මත්ද්‍රව්‍ය වලට සම්බන්ද වන්නන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුය. ඒ ඔවුන් සිරගෙදර සිට පවා මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදෙන නිසාය.
මේ අය කැමති නැහැ රටේ නීතිය තදින් ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය පාතාලය නැතිකරනවට. රටේ මෙවැනි වසංගත නැති වුනාම මෙයාලට කරන්න වැඩ නැතිවෙනවා.
ලංකාවේ සිටින සියලුම කුඩුකාරයන් හා කුඩුකාරියන් දිනුසිකාට භාරගන්න කියන්න.නැත්නම් ලංකාවට කුඩු එවීම නතරකරන්න කියන්න.
අපරාධ කරුවන්ට මෙයට වඩා කෘෘර දඩුවමක් දීල තමා, අහිංසකයෝ ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම නැතුව හිරේ තියාගෙන කන්න දීල, ජිම් පහසුකම් දීල, ටෙලිෆෝන් දීල ඒවායේ මාර්ගයෙන් තවත් අපරාධ කරන්න ඉඩදීලා නෙමෙයි. මේ අපරාධ කරුවෝ අහිංසකයන්ව මැරුවේ මෙයට වඩා කෘර විදියට නෙමෙඉද ? කවුද ඒ ගැන කතා කරන්නේ. අර යාපනේ විද්‍යා දැරිය මැරුවේ කොහොමද ? 6 දෙනෙක් දුෂණය කරලා , පහර දීල, මරණ බයේ පැය ගානක් ගැහි ගැහි ඉන්න සලසල කටේ පරණ ඇදුම් ඔබල මැරුවේ. අපරාධ කරුවා මැරෙන්නේ තමන් කැමති ආගමක් අදහන්න අවස්තාව දීල බෙල්ලට තොන්ඩුව දමල විනාඩි දෙකක වැනි සුලුකාලයකදී . මේක කොහොමද කෘර වෙන්නේ. ඕනේ තරම් මිනිස්සු මැරෙන්නේ තමන්ගේ ප්‍රශ්න නිසා හෝ අනුන් කරන තර්ජන නිසා තමන්ම එල්ලිලා. මේවා නොකර රටක් හදන්න බැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලෙත් රජවරු මේ දඩුවම දුන්න මෙයට වඩා කෘෘර විදියට.
ඇයි සෞදි වලට ගිහිල්ලා කියන්නේ නැත්තේ?
මේ ගත්තු තිරණය ගොඩක් වටිනවා, මේ කියන අයගේ දරුවන්, සහෝදරයන්, නැද්ද? කුඩු නිසා වෙන්නේ මොනතරම් විනාසයක්ද. වැරදිකරුවන්ට දඩුවම් දීම සාධාරණයි, අනිවාර්යෙන්ම මේක ක්‍රියාත්මක වීම ලොකු දෙයක්.
මරණ දණ්ඩනය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කල යුතුයි
එක එක සංවිධාන වලට ඕන විදියට අපි කරන්න ඕන නැ. මේක අපේ රට, ජනපතිතුමනි කෙලින් තීන්දු ගන්න
වහාම මේ සංවිධානය රට තුල තහනම් කල යුතු අතර මේ සම්බන්දව වැඩ කරන අයවලුන් රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කරවීමට හා ජන ජීවිත අවුල් කිරීමටත් තරුණ පරම්පරාව විනාස කරමින් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැගී සිටීමට අවශ්‍ය මාවත සකස් කරමින් කටයුතු කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට කඩේ යමින් ඩොලර් වලට රටේ ජනතාව බිල්ලට දෙන මේ සංවිධාන කිසිවිටක මත් ද්‍රව්‍ය නිසා විනාස වන රටේ අනාගත පරම්පරාව ගැන මුනිවත රකී. ජනපති වරයා ගත් තීන්දුව කිසිවිටක අවලංගු නොකළයුතු අතර මීට අමතරව පාතාලය හා සමුහ ඝාතන සදහා වැරදි කරුවන් වන හා වැරදි කරුවන් වී සිටින සියලු දෙනා එල්ලා මරා දැමීම කල යුතුය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපය සඳහා වූ නියෝජ්‍ය අධ්යක්ෂ දිනුෂිකා දිසානායක මහත්මිය කරුණාකර මෙම ලිපිය කියවන්න. දූෂණයට උඩගෙඩි දෙන නිලධාරියෝ - සරත් ජයමාන්න
ඔන්න එනවා එන්.ජී.ඕ සංවිධාන ආයෙත් හොට දාන්න. මාර වැඩක්නෙ මේක. පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට්ස් බය නැතුව කුඩු ජාවාරමුන්ට දුටු තැන වෙඩි තියන්න ආරක්ෂක අංශවලට බලය දුන්නා. ඔබාමා පරිපාලනය ඒක නවත්වන්න බලපෑම් කලත් ඔබාමටත් කියන්න තියන දේ මූණටම කියන්න තරම් ඔහු එඩිතරව කටයුතු කළා. බය වුනේ නෑ. මේ කොහෙවත් ඉන්න එන්.ජී.ඕ කොහොමද ශ්‍රි ලංකා රජයට නියෝග දෙන්නේ. අද කාන්තාවෝ පවා හෙරොයින් බොන තත්වයට පත්වෙලා දිනපතා පත්තර බැලුවහම පේනවා. රටේ යුක්තිය, නීතිය, ධර්මය බිඳවැටිලා තියෙන්නෙ දැන්. ජනාධිපතිතුමෝ කාටවත් යට නොවී, බිය නොවී මේක යලිත් ක්‍රියාත්මක කරන්න.
ඔය එන් ජි ඕ අදහස් මොකටද ඒ වැඩේට?
දිනුෂිකා දිසානායක කවුද මෙයා
ගරු ජනාධිපතිතුමණි, ඔබ ගත් මෙම තීරණය ඉතා කාලෝචිතයි. පස්සට පය නොතියා වහාම ක්‍රියාත්මක කරන්න මේ රටේ මිලියන 21ක් වන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්. එ්ක මේ රට යුද්ධයෙන් මේ රට බේරා ගැනීමට සමයි
ජනාධිපති තුමනි, ඔබතුමා කරගන්න යන ලොකුම පිංකම තමයි කුඩු ජාවරමුන් මරණ දඬුවම දෙන එක, ඒක කොහොමවත් නවත්තන්න එපා, මෙරට අයිති රටේ පුරවැසියන්ට මිසක් කොහෙවත් ඉන්න එන් ජි ඕ නෙවෙයි. අපිට ඔය කියන වාර්තාවලින් වැඩක් නැහැ අපිට ඕනේ අපේ දරු පරපුර ආරක්ෂා කරගන්නයි ඔවුන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරගැනීම පමණයි.
ජනාධිපති තුමනි, ඔබතුමා කරගන්න යන ලොකුම පිංකම තමයි කුඩු ජාවරමුන් මරලා දාන එක, ඒක කොහොම වත් නවත්තන්න එපා, මෙරට අයිති රටේ පුරවැසියන්ට මිසක් කොහෙවත් ඉන්න එන් ජි ඕ කරන්ට නෙවෙයි අපිට ඔය කියන වාර්තාවලින් වැඩක් නැහැ අපිට ඕනේ අපේ දරු පරපුර ආරක්ෂා කරගන්නයි උවුන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරගන්නයි පමණි...
මේ වගේ වෙලාවට තමයි පිලිපීනෙ ජනාධිපති වගේ කෙනෙක් ලංකාවට ඕන කරන්නේ. ලුසේනා
ක්ෂමා ආයතනය මේ රට මත කුඩු ජාවාරමේ නිරත පුද්ගලයින් ගලවා ගැනීමට දඟලන්නේ ඇයි? අපේ රට මත කුඩු වලින් නිදහස් කර ගනිමු. මරණ දඬුවම අවශ්‍යයි.
ලංකාවට කුඩු ගේන්නේ ඔන්න ඔය සංවිධාන හරහා තමයි ....
මරණ දණ්ඩනයට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි
හොරු අල්ලනවා කිව්වා ... ඇල්ලුවද ? නෑ ...! දැන් හොරු පුලුවන්නම් අල්ලන්න කියල අබියෝග කරනවා ... ගත්ත කෝටි ගණන ගෙවන්නම් කියනවා ...! මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වා ... කලාද ? නෑ ...! මිනීමරුවෝ හිරගෙදර ඉඳන් එළියේ මිනී මරන්න නියෝග දෙනවා ...! මේකත් ඒ වගේ මහජන ගැලරියට ආතල් සඳහාත් ආණ්ඩුව ඇදගෙන යාම සඳහාත් ගහපු කෙප්පයක්ම විතරයි ...! කාලය විසින් මෙය සත්‍ය බව සනාත කරාවි ...!
කුඩු නොබී ඉන්න දැනුවත් කරන්න.. කවුරුවත් මරන්න ඕනේ නැහැ. ලංකාවට එය නොගැලපෙන දෙයක්... සමාජයක් පන්සිල් රකිනවා නම් ඔය හැමදේම හරියනවා.. ඒ පසුබිම හදන්න කුඩු වලට ඉලක්ක කරගන්නේ දරුවන් තරුණයන් හැමෝම එකතුවෙලා උත්සාහ කරන්න ඒවායින් ඔවුන් මුදවාගන්න.