(කටුනායක ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ )
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්රයත් චාන් ඕ චා මැතිතුමා ඇතුළු දූත පිරිස දින දෙකක ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12) තායිලන්ත ගුවන් හමුවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
දහවල් 2.45 ට පමණ පැමිණි විශේෂ ගුවන් යානයකින් මෙම සංචාරය සදහා අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය සරත් ෆොන්සේකා , වජිර අබේවර්ධන , ෆයිසර් මුස්තාපා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම තායිලන්ත දූත පිරිස 13 වැනිදා මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිතය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද රාජ්‍ය නායකයෙක් හැටියට ඔබතුමාව අප සාදරයෙන් පිළිගන්නවා.
මෙයා හමුදා බලයෙන් ඔතනට ආපු කෙනෙක් මිස ජනතාවගේ කැමැත්තට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් වුවෙක් නොවේ.
තායිලන්තය මානව හිමිකම් ප්‍රශ්නෙදි කාටවත් යට නොවී කෙලින්ම අපිට පක්ෂව ඡන්දෙ දෙන අපේ හිතවත්ම රටක්.
එහි ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ සහිත රාජ ආණ්ඩුක්‍රමයක්