ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ
රුපියල් කෝටි 12 ට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ (11) කන්තලේ සේරුනුවර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙම 17 වැනි දා දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට මුතූර් මහේස්ත්රාත් එම් එස් එම් සම්සුඩීන් මහතා අද (12) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් දෙදෙනා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත සේරුනුවර ලංකාපටුන පාරේ වී මෝලක වී ගෝනි දෙකක් අතර සඟවා තිබියදී හොරොයින් කිලෝ 9 යි ග්රෑම් 900 ක ප්රමාණයක් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස රඳවාගෙන ප්රශ්න කිරීමට නියම වුයේ කන්තලේ පදිංචිකරුවන් වු මහේන්ද්රන් කෝනේෂ්වරම් (40), සහ පී සුරේෂ් (40) නැමැති දෙදෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd