ලක්සලේ හිටපු සභාපතිටත් නොතිසි ප්‍රසම්පාදන කි‍්‍රයාවලියට පටහැනිව ජාතික කෞකුකාගාර භූමිය තුළ ‘ලක්සල අලෙවිසැල්’ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික ආයතනයකට ලබා දීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කළැයි ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා සහ එම මණ්ඩලයේ අධ්යක්ෂවරුන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 13 July 2017
හිටපු බ්‍රසීල ජනපතිට වසර නවයක සිර දඬුවමක් හිටපු බ්‍රසීල ජනපති ලුවිස් ලුලා ද සිල්වා මහතා විසින් සිදු කරන ලදැයි සැලකෙන දුෂණ වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට බ්‍රසීල අධිකරණය විසින් වසර නවයහමාරක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ. 13 July 2017
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගැන තීන්දුව වත්තල අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී දසානායක නාවික හමුදා රෝහලේ දී පරික්ෂාවට ලක් කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(13) වත්තල මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මියට දැනුම් දුන්නාය. 13 July 2017
අලුත් පක්ෂ හයක් ලියාපදිංචි කරයි නව දේශපාලන පක්ෂ 6 ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 13 July 2017
බලහත්කාරයෙන් විශ්වාස භංගයක් න්‍යාය පත්‍රයට පළාත් ආණ්ඩුකාර පි.බී.දිසානායක මහතා විසින් පළාත් සභා ලේකම්වරයා බලහත්කාරයෙන් පළාත් ආණ්ඩු කාර්යාලයට ගෙන්වා ගෙන තමන්ට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ඉදිරිපත් කර ඇති විශාවාශභංග යෝජනාව ජුලි 18 වැනි දා පැවැත්වෙන පළාත් සභා රැස්විමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇතැයි උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා පවසයි. 13 July 2017
පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක් විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට මැර ප්‍රහාරයක් එල්ල විය. 13 July 2017
වැලිකඩ මිය ගිය රැඳවියන් ගැන සිව් වසරකට පසු පරික්ෂණ 2012 වසරේ වැලිකඩ වෙඩි තැබීමෙන් රැඳවියන් 27 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 13 July 2017
ආයෝජන මණ්ඩලයේ සභාපති අස්වෙයි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. 13 July 2017
ත්‍රස්තවාදය අවසන් වී නැහැ-අගමැති රටේ පැවැති යුද ගැටුම් අවසන් වුවත් ත්‍රස්තවාදය අවසන් වී නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 13 July 2017
තහනම් පළිබෝධ නාශක තොගයක් සමග තුනක් පොලිස් දැලේ තහනම් පළිබෝධ නාශක තොගයක් ඉන්දියාවේ සිට මෙරරට හොර රහසේ ගෙනැවිත් ප්‍රවාහනයට සුදානම් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද(13) අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 13 July 2017
හතරැස්වෙල කෝච්චි පාර ළඟ මළ සිරුරක් අනුරාධපුර යාපනය මාර්ගයේ හතරැස්වෙල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ තිබී 25 හැවිරිදි තරණයකුගේ මළ සිරුරක් අද (13)සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 13 July 2017
’යහපාලන ගිවිසුම ඉවර වුණූ ගමන් ආණ්ඩුවෙන් යනවා’ යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන්වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා සන්ධාන මන්තී‍්‍ර තැපැල් සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා ”ලංකාදීප”යට බදාදා (12) පැවැසීය. 13 July 2017
මැදිරිගිරියේ සිසුහු 41 ක් සුර්වී අත් කපාගෙන මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන සිටියදී පොලිස් බාරයට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි. 13 July 2017
ජනපති බංගලාදේශයට යයි බංගලාදේශයේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (13) උදෑසන 7.55 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. 13 July 2017
පොදු සමා කාලය අවසන් - කොරියාවෙන් ලංකාවට එන්න නීති විරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රීලාංකිකයන්ට එරටින් පිටවීමට මාස තුනක පොදු සමා කාලයක් ලබාදී ඇති බැවින් එම පොදු සමාකාලය අවසන් වන ඔක්තෝම්බර් 10 දිනට පෙර ශ්‍රී ලංකාවට එන මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරට නීති විරෝධීව රැදී සිටින ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 13 July 2017
‘කාන්තා නියෝජනය ඉහළ දැමීම ඡන්දය කල් දැමීමට හේතුවක් කරගන්න එපා‘ - කැෆේ පළාත් සභාවන්හි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා සඳුදා(10) ප්‍රකාශයට පත් කරනු ලැබු ගැසට් නිවේදනය ඉදිරි පළාත් සභා මැතිවරණය කල් දැමීමට හේතුවක් කර නොගන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි. 12 July 2017
‘සමන් කුමාර ගැන විමර්ශනයක් අාරම්භ කරලා‘ සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂක බී.එච්. ඉන්දික සමන් කුමාර මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) එම කොමිසමට දැනුම් දුන්නේය. 12 July 2017
ළමයින් අතුරුදන් කළැයි නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට 2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 July 2017
ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට කෑම එතීම සඳහා භාවිතා වන තුනී පොලිතින් (ලන්ච් ෂීට් ) කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පරිසරයට එකතුවන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ශ්‍රී ලංකාවේ ජනගහණයද කෝටි දෙකක් වුවත් එක්පුද්ගලයකු දිනකට තුන්වේලක් හෝ ඊට වැඩි ගණනක් ආහාර ගැනීමේදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 12 July 2017
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 July 2017
පානදුර අධිකරණයෙන් තිදෙනකුට මරණ දඬුවම වසර 12කට පෙරදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගල ඝාතනයක් කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද(12) නියෝග කළාය. 12 July 2017
ඇවන්ගාඩ් නඩුවේ ලිඛිත දේශන අගෝස්තු 11 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8කට සම්බන්ධ නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන අගෝස්තු 11 තෙක් නඩුව කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(12) නියෝග කළේය. 12 July 2017
‘දූෂණ මර්දන කාර්යාලය ඵලක් ඇති වැඩක් කර නෑ‘ - රාජිත දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය අවුරුදු එකහමාරක කාලයක් තුළ රුපියල් මිලියන 65ක මුදලක් වියදම් කර ඇතත් ඵලක් ඇති වැඩක් කර නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. 12 July 2017
ත්‍රිකුණාමල මණ්ඩපය ගැන සොයන්නැයි ඉල්ලති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රීකුණාමලය මණ්ඩපය මාස හතරකට අධික කාලයක් වසා දමමින් එම මණ්ඩපයේ මණ්ඩපාධිපතිවරයා ප්රමුඛ පරිපාලනය විසින් සිසුන්ට එරෙහිව ගෙන යන අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත. 12 July 2017
තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් කරන්න ලක්ෂ 15 ක් ණයක් තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් ආරම්භ කිරිමට ලංකා බැංකුවෙන් මහජන බැංකුවෙන් උපරිමය ලක්ෂ 15 ක ණය මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 12 July 2017
පොලිතින් භාවිතය නවත්වන්න කැබිනට් අනුමැතිය පොලිතීන් ආනයනය,විකිණීම හා භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 12 July 2017
විසඳුම් ඉල්ලා දෙවියන් යැදීමට වෙලා-සම්පන්දන් මේ ආණ්ඩුව යටතේ ද ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමට සිදුව ඇතැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පවසයි. 12 July 2017
හදවත් බද්ධයට දරුවාගේ හදවත දුන් පවුලට ජනපතිගෙන් නව නිවසක් මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සඳහා තීරණය කර ඇත. 12 July 2017
අලුත්නුවර පෙරහැර මේ වසරේ නෑ මාවනැල්ල අලූත්නුවර ඓතිහාසික ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මෙවර නොපැවැත්වෙන බව එහි තේවාව භාර ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා අද (12 ) පැවසීය. 12 July 2017
“නියාමනයෙන් මාධ්‍ය නිදහස අඩු වෙන්නේ නෑ“ ජනමාධ්‍ය නියාමනයට ගෙනෙන කවර පනතකින් වුව ජනමාධ්‍ය නිදහස වැඩි කරනවා මිස අඩු කරන්නේ නැතැයි ස්වාධීන මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පත්කළ ඇමැති කමිටුවේ සාමාජික විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ගලගෙදර වල්පොලදී අද (12) පැවැසීය 12 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026