රංජන් කස්තුරි
නීති විරෝධී ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට විරෝධය දැක්වීම නිසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි.
නීතිවිරෝධි ලෙස අත්සන් කළ ගිවිසුමක් මගින් ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් දින 22 ක කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 84 ක් ගෙවීමට සිදුව තිබෙන බවද එම මුදල ගෙවීමට විරෝධය දැක්වීම හේතුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙන ඇතැයිද ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (12) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසිය.
මෙවැනි ක්‍රියාවන් හරහා ලංවීම ඉහළ නිලධාරීන් විශාල කොමිස් මුදල් ලබාගන්නා බවද රන්ජන් ජයලාල් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කෙලින්ම අල්ලස් කොමිසමට යා යුතුයි.
ෂුවර් එකටම අර ගොඩේ වැඩක් වෙන්න ඇති .
ජනාධිපතිතුමා මෙය වහාම සොයාබැලිය යුතුයි.
ලංකා විදුලි සේවක එකේ ඉන්න ඉංජිනේරුවෝ වැඩි දෙනෙක්ම හොරු. ඔතන ලොකුපුටුවල ඉන්න ඉංජිනේරුවෝ හොඳට පගා ගහන කොමිස් ගහන කට්ටිය. ඉස්සර ලොකු පුටුවල හිටපු හුගක් දෙනා හොඳට පගා ගහලා හම්බකරන් ගෙදර ගියේ. මේ අයගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් කලොත් හොයාගන්න පුළුවන් හම්බකරලා තියෙන තරම. අපේ රටේ විදුලිය නිෂ්පාදනය මීට වඩා අඩුවෙන් කරන්න පුළුවන් මේ අය ඉවත් කරලා දඩුවම් දුන්නොත්.
නොපමාව සොයා බලන්න. වැරදි තීරණයක් නම් එම මුදල අයකර ගැනීමට කටයුතු කරන්න.
ඉතින් රටට හෙන ගහලා තියෙන එක අහන්නත් දෙයක්ද..?