රංජන් කස්තුරි
මරණ දඬුවමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඒක නිශ්ඵල දෙයකැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් කිසිම රටක අපරාධ අඩුවී නැතැයිද මංගල සමරවීර මහතා කීය.
ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා මෙසේද පැවසීය.
‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කරා කියලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.ඒත් ඒ ප්‍රාන්තවල අපරාධ එන්න එන්නම වැඩිවෙනවා.කුඩු හෑල්ලුවට ගන්න බැහැ. මම කුඩු වලට තදින්ම විරුද්ධයි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම කෙනෙක් කුඩු උවදුරට පත් වුවා නම් ඔය කතාව කියන්නේ නැහැ. මේ අය කුඩුකාරයින්ට දඬුවම් දීම සඳහා විරුද්ධ වුනාට, ඒ උවදුර පාලනය කරන්නට කිසිම විසදුමක් දෙන්නේ නැහැ.
ඇමරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
මරණිය දණ්ඩනය තියෙන රටවල් හරහා කුඩු රැගෙන යන්න මෙය කරන කට්ටිය බයයි. අනිවාර්යෙන් මරණය හිමි වෙන නිසා. ලංකාව තෝරා ගන්නේ නිතියක් නැති නිසයි. නැතිනම් මේ කට්ටියට බදු වැඩි කරන්න
මෙයාට කුඩු ව්‍යාපාරිකයන් ගැන තියන කැක්කුම මොකක්ද ?මුළු රටම අනුමත කරන දෙයක්.
මරණ දඩුවම නියම වුන වෙලේ සුදාලා හිරේ ඉඳගෙනත් ප්‍රකෝටි ගණනින් කුඩු බිස්නස් කරමින් දහස් ගණනක තරුණ ජිවිත මාරයාගේ මුඛයට තල්ලු කරනකොට ඒ අයව මරන්නේ නැතුව තවදුරටත් ආරක්ෂා කරන්න කතා කරන්නේ ඇයි?
මී පාසන් තිබ්බම මීයෝ කලකට එන්නේ නැහැ.
එහෙනම් මොකද කරන්නේ මහත්තයෝ.
කුඩු ඇති වුනා හෝ නැති වෙනවා බලන්න මරණ දඬුවම දෙන්නකෝ.
සිංගප්පුරු වල ලස්සනට මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවා අපරාධත් නැහැ
මරණ දඬුවම ම්ලේච්චයි තමා. එත් මේ කුඩු වසංගතය නිසා විනාශ වෙන තරුණ ජිවිත ප්‍රමාණය දිහා බැලුවම වෙන විකල්පයක් නෑ. මරණ දඬුවම දෙන ආරංචියට අද කෝටි හයක කුඩු පාර්සලයක් දාල පැනල ගිහිල්ලා. එක්කෙනේක් දෙන්නෙක් එල්ලුවොත් මේක සම්පුර්ණයෙන්ම නතර කරන්න පුළුවන්.
වෙන හේතුවක් නැතත් ජනාධිපති තුමාගෙන් ආපු යෝජනාවක් නිසා මෙයා විරුද්ධ වෙන්නම එපාය.
අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ ඕනේ. කුඩු නායකොයෝ, දුෂණය කරන අයට එල්ලුම්ගහ අවශ්‍යයි.
බීලම ඉවරකරන්න ඕනේ. එතකොට කුඩු ප්‍රශ්නේ ඉවරයි.
මෙයත් හැමදාම හවසට ටිකක් ගන්නවා වගේ, කතාවෙන් , පෙනුමෙන් එක පේනවා එකනේ විරුද්ධ වෙන්නේ,
මරණ දඬුවම නියම වූ සියල්ලන්ටම එය ක්‍රියාත්මක විය යුතුය. ඔවුන් නඩත්තුව සඳහා ද වැය කරන්නේ අද දරුවන්ගේ හා රටේ අනාගතය වෙනුවෙන් වූ මුදල්ය. අපේ බදු මුදල්ය. අපිට රජ හොරුන් නොවන කොන්ද පන ඇති නායකයෙක් ඕනෑ.
මේ මොන කතාද? දැනටමත් හිරේ ඉන්න පාතාලයන් සහ කුඩු රජවරුන්ට බඩ එලිය යනවාලු. දඬුවම දානවා කියන කොට එච්චර බයනම්, එය ක්‍රියාත්මක කළාම කොහොමට වේවිද ? "සබ්බේ තසන්ති දණ්ඩස්ස" සියලු සත්වයෝම දඬුවමට බියවෙති. කව්රුන් කෙසේ කීවද වරදට දඬුවම රටක තිබිය යුතුමය. නොඑසේ නම්, මේ රට පාතාලයන්ගේත්, කුඩු ජාවාරම්කරුවන්ගේත් රාජ්ජය වේවි.
රටම කැමැති මේකට හැබයි එන්.ජී.ඕ. සහ රටේ නායකයෝ කියන අයයි තමයි කැමැති නැත්තේ. ජනතා මතයට හිස නමන්න.
මෙයාගේ ලේකම් කුඩුත් එක්ක පොලිසියට කොටුවුණා. බොරුවට එදා ඉල්ලා අස්වුණා. දැන් අායෙත් මෙයා ගාව වැඩ..
කාන්තාවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් මෙතුමා කැමති වේවි!!!
ලොකු මහත්මය විසිල් ගහලා බල්ටි ගහලා සතියකට විතර ඉස්සරවෙලා පටන්ගත්තට එතුමා දැන් පෑන හොයාගන්න බැරුව අඳුරේ අතපත ගානවා. දැන් මෙයා මේක විරුද්ධයි කියලා බොරුවට නාඩගමක් පටන් ගත්තම තව සති කිහිපයක් නාඩගම ඇදගෙන යන්න පුළුවන්... එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අනිකුත් දේශපාලකයින්ට මේක වළක්වන්න කියලා කුඩු මුදලාලිගෙන් කෝටි ගණනින් මුදල් ගරාගන්න පුළුවන්... මේවා අපි රවටන්න කරන බොරු නාඩගම්. බොරු නම් බලන්න තව මාසෙකින් මොකද වෙන්නේ කියලා.. රට හදන්න නම් කුඩුකාරයෝ එල්ලන්න ඉස්සරවෙලා එල්ලන ඕනේ දුෂිත දේශපාලකයෝ , එතකොට කුඩු ජාවාරමත් නිකන්ම නතර වේවි!!! .
මුලින්ම කියන කෙනාව එල්ලුවා නම් හරි වගේ..
කුඩු නැති කරන්න නම් කුඩු කාරයෝ නැති කරන්නම ඕනේ...
මෙයා මරණ දඬුවමටත් විරුද්ධයි, කුඩු වලටත් විරුද්ධයි.
ඔව් ඉතින් දේශපාලුවන්ගේ සහයෝගයත් නතර කරන්න ඕන. මෙතුමාගේ කතාවලින් මත්කුඩු ජාවාරම අඩු වුනේ නැනේ වැඩි වුන මිසක්. මරණ දඬුවම දෙන්නම ඕන. අඩුම ගානේ මේ ජාවාරමේ ඉන්න පොඩි පොඩි කට්ටිය හරි නතර වේවි.
තමන්ටම අනන්‍ය වූ අදහසක්, මතයක් දැරීමට ප්රජාතන්ත්රවාදී සමාජයක පුරවැසියකුට අයිතියක් තිබේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය පිළිබඳ වරදකට අධිකරණය දුන් මරණ දණ්ඩනය මානව ශිෂ්ඨත්වයේ ගැඹුරුතම අර්ථයෙන් සලකා අපි සෑහෙන කාලයක් නවතා දමා තිබුණෙමු. එ් නිසාම සිරගතව සිටින අපරාධකාරයින් ආරක්ෂා සහිතව මත් ජාවාරම මහා පරිමාණයෙන් සිරගෙයට මුවාවී මෙහෙයවයි. මේ අපරාධකාරයින්ට ජංගම දුරකථන මෙන්ම අනෙකුත් තාක්ෂණික උපකරණ අඩු නැතිව සපයන්නේ කවුද? රජය පාර්ශවයෙන් කියවෙන්නේ මේ පිටුපස නොව ඉදිරියෙන් ඉන්නේ ප්‍රබල පිරිස් බවයි. රජය දැනුවත් නම් ඒවා මැඩලිය නොහැකිද? මෙක්සිකෝවක් වීමට ප්‍රථම මේ වසංගතය මැඩලීම රජයේ ප්‍රමුඛතම වගකීමක් නොවන්නේද? වෘකයින් කිසිදිනක බල්ලන් වෙන්නේ නැත. මේ පාපතරයින් එල්ලා දැමීමෙන් අපරාධ අඩු නොවන බව රජයම පවසතත් එක දශමයකින් හෝ රටට යහපතක් ඇති නොවෙයි කියන්නේ ඇයි...?
මෙයා කුඩු කාරයෝ මරනවට විරුද්ධ වෙන එක පිළිගන්න පුළුවන්. හේතුව කුඩු ගැහුවාම සමහරුන්ට ඉන්න ලේසියි. කුඩු ගහපුහම ඉන්නේ කොහෙද? කරන්නේ මොනවද? දන්නේ නැහැනේ....
රටේ දේශපාලකයින් රටේ කුඩු කාරයින්ට දඬුවම් දෙනවට මේ තරම් විරුද්ධ ඒ අයත් මේවට සම්බන්ධ නිසාද?
ඔය නොකිය කියන්මනෙ මරණ දඩුවම දුන්නත් කුඩු බිස්නස් නතර කරන්නේ නෑ කියල කියන එකද මන්ද. කොහොම උනත් ඔය ව්‍යාපාරය වටේ දේශපාලඥයො තමයි ඉන්නෙ. දේශපාලඥයෙක් නැතිව කුඩු ව්‍යාපාරයට හුදකලාව පවතින්න බෑ. ඒකෙ ඉහළ ඉන්න දේශපාලඥයාට මරණ දඩුවම දෙන්න වෙන්නෙ නැති නිසා ඔහු කියන කථාවේ ඇත්තක් තියෙනවා. මොකද එකෙක් එල්ලුම් ගහට යනකොට තව එකෙක් යොදාගන්න මේ දේශපාලන ඔස්තාර්ලට පුළුවන් බිස්නස් එක කරගන්න. කුරුඳු පොලුවලින් කථකරන අයට මානව හිමිනම් ගැන කැක්කුමක් තියෙන්න විදියක් නෑ. එහෙම කැක්ඒකුම් හැදෙන කොට අපට පොඩි සැකයක් එනව, හදිසි මානව හිමිකම් රුදාව ගැන. ඒ නිසා කුඩු කාරයන්ගෙ මානව හිමිකම් ගැන කථා කරන දේශපාලඥයන්ට කුඩුකාරයො එක්ක තියෙන සම්බන්ධකම් හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරන්න ඕන. ඒක ඉතින් කෝකටත් හොඳයිනෙ.
මරණ දඬුවම දීලා කුඩු නැතිකරන්න බැහැ කියලා අපි දන්නවා නමුත් බෙදා හරින්නන් සහ ගෙවන්නන් මරා දමනවිට කුඩු බිස්නස් එක අඩාල වෙනවා. ඩෙංගු ප්‍රවාහක මදුරුවයි අපි මරා දමන්නේ නැතිනම් ඇතිවීම නැතිකරන්නේ. මොවුන් රැක ගැනීමට ඔබ දරන උත්සාහය ගැන සැකයක් අපිට ඇතිවෙනවා.
මෙවැනි රට හෝ එහි තරුණ පරපුරට ආදරයක් නොමැති දේශපාලන නායකයන් රටට කුමකටද?
ඒ වගේම බදු නැතිකොරන්නත් බැහැ එත් අනවශ්‍ය ලෙස ගහන බදු නැතිකර ගන්න පුළුවන් වේවි ක්රීයාත්මක කලොත්.
එකක් ෂුවර් එකටම කියන්න පුළුවන් ඒ මරණ දඬුවම ක්රීයාත්මක නොවන බව. ඊට ලකුණු තිබෙනවා. බන්ධනාගාරය තුළ ප්‍රතිසන්කරණය සිදුවෙනවාලු.
මරණ දඬුවම එපාලු හැබැයි විකල්පයක් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ කුඩු ඕන කියලද?
"මරණ දඬුවමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ." ඔබ හිතන දේවල් වලින් අපිට වැඩක් නැත. කරුණාකරලා ලංකාවේ සියලුම ආගම නායකයින් අනුමතකල කැබිනට් එකෙන් පවා අනුමත මරණීය දණ්ඩනය ක්රීයාත්මක කරන්න. කාර් ගන්න කැබිනට් එකෙන් අනුමත උනොත් රෑ 12 වෙකොට ක්රීයාත්මකයි මරණීය දණ්ඩනය ක්රීයාත්මක කොරන්න පේන අහනවා.