(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.
රටේ මහත් ආන්දෝලනයට තුඩ දුන් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිනීගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන කතා කිරීමටද ඒකාබද්ධ විපක්ෂයෙන් අවස්ථාව ඉල්ලා සිටියත් මූලාසනය මැතිසබයේ උණූසුම්කාරී තත්වයක් ඇතිවු බවයි.
මූලාසනයේ මේ ප්රශ්නය කතා සුළු හෝ කාලයක් එකාබද්ධ විපක්ෂයට දුන්නේ නම් මෙවැනි ආකාරයේ කලබලයක් මැතිසබයේ ඇති නොවනු ඇතැයි ද ඔහු කිවේය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මැතිසබයේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන්නේ ඉකුත් (3) වැනි දා අගහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක යෙදුණූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලීමේන්තුව කියන්නේ කැළණිය ප්‍රාදේශිය සභාව වැනී ආයාතනයක් යයි සිතා කටයුතු කරන මෙවැනි අයට පාර්ලීමේන්තු සම්ප්‍රදායන් හා පාර්ලිමේන්තුවේ නීතින් හා රිතීන් ගැන කියා දෙන්නට පාර්ලීමේන්තුව තුල පුහුණු කීරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කල යුතුයි.
ඔ ලෙවල්වත් පාස් නැති මදාවියන් පාර්ලිමේන්තුවට යැව්වම වෙන දේ ඕක තමෛ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් ලංකාවට උරුම වී ඇති සෙංකෝලය පාර්ලිමේන්තුවේ තබා තිබෙන අරුත දැනට පාර්ලිමේන්තුවේ සිටින අගමැතිවරයා, කතානායකවරයා, සහ පළපුරුදු දේශපාලකයින් අතලොස්සක් හැරුණුවිට අනෙක් සියයට 99ක් දෙනාම සෙංකෝලය යනු කැටයම් කරනලද යකඩ කැබැල්ලක් කියා සිතනවා නොඅනුමානයි. සෙංකෝලය බාරව සිටින්නේ පාර්ලිමේන්තුවේ වේත්රධාරීවරයාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොහෙත්ම නොයායුතු නූගත්, බුද්ධියක් නොමැති බහුතරයක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කර ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් හැර මොවුන්ගෙන් වෙනත් වැදගත් යමක් ශ්‍රී ලාංකිකයන්ට බලාපොරොත්තු විය නොහැකිය. පාසල් ළමුන්, විදේශ දූතසේවා, තානාපතිවරුන් සිරි ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණේ. ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන පණිවුඩය කුමක්ද ? රටක නීති සම්පාදනය කරන ආයතනයට ලංකාවේ බුද්ධිමත් ජනතාව විසින් පත්කර ඇති මෙවැනි අය මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට දියයුතු දඬුවම නම් පාර්ලිමේන්තුවට ඇතුල්වීම තහනම් කිරීම සහ ලබාදී ඇති සියලුම වරප්‍රසාද මාස 3 හෝ 6 කට නැති කිරීමයි.
වගකීමෙන් කියන්නේ, හැමදාම හවස 7 වෙනකොට මෙතුමා ඉන්නේ තමන්ගේ පිරිවර එක්ක හොඳටම මත්වෙලා. හම්බවෙන්න එන මිනිස්සුන්ට කුණුහරුපෙන් බනිනවා. ප්‍රාදේශීය සභාවේ සභාපතිවෙන්න කලින් මෙතුමාට බයිසිකලයක්වත් තිබුනේ නැහැ. වැඩට ගියෙත් කෝච්චියේ. දේශපාලනය කරලා වසර කීපයක් ඇතුළත ප්‍රකෝටිපතියෙක් වුණා.
විජයකලා ප්‍රකාශය අාවේගයෙන් කතාකළ නූගත් ගැහනියකගේ ප්‍රකාශ ලෙස බැහැර කල හැක එය කිසිසේත් සිදුවන දෙයක් නොවේ. මෙය අාන්දෝලනාත්මක වන්නේ මෙම කුමන දෙයක් හෝ අල්ලා බලය ගැනීමට සිටින මෙම කල්ලියටය.මෙවැනි නූගතුන්ට වඩා විජයකලා හොදය
පසුගිය වසර තුන ඇතුලත පාර්ලිමේන්තුව තුලදී සිදුවූ ගුටිබැට හුවමාරු, මත්පැන් සාද සහ සෙංකෝලය පැහැර ගැනීම් වැනි දේවල් සියල්ල මගින් වීඩියෝපටයක් නිර්මාණයකර නැවත නැවත ලංකාවේ ඡන්දදායකයන් වෙත නැරබීමට සැලැස්විය යුතුය. ඡන්දදායකයන් විසින් රට වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවට පත් කරනලද අයවලුන්ගේ හැසිරීම සියලු රටවැසියා දැනගත යුතුය. එම දර්ශන නැරබිමෙන් රටේ ජනත්වත් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කව්රුන්ද කියා යලිත් සිතනු නොඅනුමානය.
අපේ මීනිස්සු තමයි වග කියන්න ඕන මේ වගේ අය පාර්ලිමේන්තු යවනවට.