(නිමන්ති රණසිංහ )
අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා පිළිබඳ ඇප නියෝගය ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තම සේවාදායකයින් දෙදෙනාගේ අසනීප තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙසට සලකා ඔවුන්ට ඇප ලබා දෙන ලෙසට ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට කළ ලිඛිත දේශනයක් සැලකිල්ලට ගත් අධිකරණය එම නියෝගය නිකුත් කරමින් එදින තෙක් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් බවට මෙම සැකකරුවන් දෙදෙනාට අල්ලස් කොමිසම විසින් චෝදනා නගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පීඩිත ජනතාවගේ නාමයෙන් මොවුන්ට ඇප දෙන්න එපා.
ජනතාවට නම් ඇපත් නැති වෙලා ඉන්නේ...