(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට තමන් සුදුසු නැති බව පිළිගන්නා බවත්, තමාව ඉන් ඉවත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වන බවත් ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන අතරතුරදීම පක්ෂ උපදේශක මණ්ඩලයේ සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ නිලධාරීන් කිහිප දෙනෙකු නිර්දය ලෙස විවේචනය කළ තමන් වැනි අයෙක් එම ධූරයට නොගැළපෙන බව කී ඩිලාන් පෙරේරා මහතා පක්ෂ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් විවේචනය කරන සෙසු අය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (12) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත්කර සිටිනවා නේද?‘ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එයට පිළිතුරු දෙමින් ඩිලාන් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
‘‘ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුති කර හෙට දිනයේදී ඊ මේල් පණිවුඩයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සිටියදී පක්ෂයේ උපදේශක මණ්ඩලයේ සිටින චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු සමහර නිලධාරීන්ව නිර්දය ලෙස විවේචනය කර තිඛෙනවා. එවැනි අයෙක් මාධ්‍ය ප්රකාශකකමින් ඉවත් කිරීම හොඳයි.
මා පත්කළේ මධ්‍යම කාරක සභාව නිසා එම පත්වීම අවලංගු කිරීම ස්ථීර කරන ලෙස මම ඊ ළඟ මධ්‍යම කාරක සභාවටත් යෝජනා කරනවා. අපේ පක්ෂයේ උපදේශක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් අය විවේචනය කරන අයත් පක්ෂයේ ඉන්නවා. ජනාධිපතිතුමා පළමු පියවර මට තිබ්බා මෙන් අනාගතයේදී ඒ අය ගැනත් විනය ක්‍රියාත්මක කරාවියැයි සිතනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත පිළිගත්තාට ගරු කරනවා
මෙයා ඡන්දෙන් නම් පැරදුනා නමුත් ජනාධිපතිතුමා පින් මන්ත්‍රීකමක් දුන්නා නේද?
දැන්වත් ජනතාවට තේරෙනවනම් මේ මහත්වරුන්ගේ ක්‍රියාකලාපය අනාගතේට හොඳයි.
බෝට්ටුවේ අනිත් පැත්ත පෙරලුනු නිසා යට පැත්ත හොඳයි කීවාසේ.
කපන්න බැරි අත සිඹිනවා කියලත් කිවලු නේද?
මෙයා මේ බලන්නේ මේ පාර මහින්ද මහත්තයාගේ කරෙන් ගොඩ යන්න, මං හිතන්නේ බදුල්ල ජනතාව ඊට වඩා බුද්දිමත්,
ඕකනේ කියන්නේ කිත්තයියට විහිළුවක්වත් තේරෙන්නේ නැහැ කියලා.
ජනාධිපති තුමාට ඊ මේල් යවලා වැඩක් නැහැ . හෙට උදේට මේ පුවත ලංකාදීපයෙන් දකීවි