නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහනට තොරතුරු සැපයූවන් සොයා කොල්ලුපිටිය පොලිසිය ආරම්භ කළ විමර්ශනයට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පතිට පැමිණිල්ලි කර තිබේ.
ජනමාධ්‍යවේදීන්ට හෝ ජනමාධ්‍ය ආයතනවලට තොරතුරු ලැබුණු මූලාශ්‍ර ගැන සොයා බැලීමට පොලිසිය කටයුතු කිරීමෙන් මාධ්‍යවේදීන්ට තම රාජකාරි ඉටු කර ගැනීමේ දුෂ්කරතා මතුවන බවත්, එමගින් දූෂණ වංචා පිළිබඳ තොරතුරු ලබාදීමෙන් ජනතාව වැළකී සිටිනු ඇති බවත් එම සංගමය යොමු කළ පැමිණිලිවල දැක්වේ.
මෙය ප්‍රජාතන්ද්‍රවාදී සමාජයකට විශාල බලපෑමක් එල්ල කරන බව සඳහන් කර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නෙත් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවට තොරතුරු සැපයූවන් සම්බන්ධයෙන් සොයා බලන කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසයි.
උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පොලිස්පතිවරයා කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරීට යොමු කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ මාධ්‍ය නිදහසට එල්ලවූ තර්ජන
අපේ රටට මාධ්‍ය නිදහස හරියාකාරව ලබා ගන්න තව වසර ගණනාවක් යාවි. තමන් අකමැති පුවත් පලකල මාධ්‍ය වේදීන් බැටළුවන් මරණ ස්ටන් බෝල්ට් වලින් මරාපු, තව සමහරෙක් මරලා මිනියවත් හොයාගන්න බැරි උන, මාධ්‍ය ආයතන ගිනිතියාපු , මාධ්‍යවේදීන්ගේ අතපය කැඩූ යුගයක හිටපු අපේ රට , වර්තමානයේ නිවැරදි දිශාවට හිමින් හිමින් ගමන් කරනවා .