(මහින්ද නිශ්ශංක)
පාන් හැර බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ලබන 16 දා සිට මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා කීය.
ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම අනායනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු අය කිරීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීමට සිදුව තිබෙන බවද ජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වැඩ වෙන්නේ ලංකාවේ. ගෑස් මිල අඩු වුනාම බනිස් මිල අඩුවෙන්නේ නැහැ පෙට්‍රල් මිල වැඩි වුනාම බනිස් මිල නගිනවා මොනවා බැස්සත් නැග්ගත් මෙයාලගේ නගිනවා විතරයි
බනිස් මිල රුපියල් 5කින් වැඩි වුණා කියල ජනතාවට බලපෑමක් නැනේ. රජය පසුගිය කලේ අතමිට සරු කරා.
ඔය වැඩි වුනා කියන දේවල්වල ගණන් හිලවු දෙන්න බැරිද? එතකොට අපට පුළුවන් ඒ ප්රතිශතයෙන්මද බනිස් මිල වැඩිකළේ කියලා දැනගන්න. කවදාවත් කෙරෙන්නේ නැහැ. අපි නිව්යෝක් වලට උත්තරේ දෙන්න බැඳිලා නැහැ නොවැ, නේද?
මිල වැඩි කලොත් අපි බනිස් නොකා ඉමු
බනිස් කාලත් ඉවර වෙනවා මෙහෙම ගියාම .අනේ කාලේ වනේ වාසේ කිවලු
රුපියල් 5 කින් නෙවේ 20 කින් වගේ වැඩි කරන්න බැරිද
බනිස් මාළුපාන් පුච්ච්න්නේ පැට්‍රොල් ඩීසල් වලින්ද? පිටිමිල වතුර මිල වැඩිකළේ නැතිනම් වෙනමොන අානයනික ද්‍රව්‍යද වැඩිකළේ? මේක බේකරි කාරයින්ගේ ගසා කෑමක්.
අව මංගල මහත්තයෝ දැන්වත් තේරුම්ගන්න බිස්නස් වලට ගහන බදු අන්තිමට ගෙවන්නේ පාරිභෝගිකයාබව.