සිතුම් චතුරංග
පොලිස් නිලධාරීන් ද මුදලට හා කාන්තාවන්ට නැමෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද යාපනයේ දී පැවසීය. පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ හස්ත මුද්‍රාවෙන් එම සිදුවීම් දෙක පෙන්වමිනි.
රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා අද උතුරේ සංචාරයක නිරත වූහ.
අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උතුරේ පොලිස් නිලධාරීන්ගේ හමුව පැවැත්වෙන අතරතුර මාධ්‍යහමුව පැවැත්වීමට සුදානම් වන ලෙස මාධ්‍යවේදීන්ට දන්වා පොලිස්පතිවරයා යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ කාර්යාලය වෙත ගියේය.
ටික වේලාවක් කාර්යාලයේ ගතකොට මාධ්‍යවේදීන් සිටින ස්ථානයට පැමිණි පොලිස්පතිවරයා මෙසේ කීවේය. ‘අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඉද්දි මම ප්රවෘත්ති සාකච්ඡා තියන එක හරිනෑ . එයාල ඉද්දි මම බකපණ්ඩිත වැඩකරන්න ඕනෑ නැහැනෙ. ඒක හරිනෑ. එයාලා කතාකරලා ඉවරවුනාම මම කියන්නම්. කොහොමද මෙහෙ තත්වේ?‘‘ යැයි පොලිස්පතිවරයා විමසීය.
‘මෙහේ කුඩු ගංජා වැඩියි‘ මාධ්‍යවේදීහු කීහ.
‘‘කුඩු, ගංජා නවත්වන්න අපි ට්‍රයි කරනවා. අපි ඒ වැඩේ කරනවා අපේ අයත් (අතින් මුදල් පිළිබද පෙන්වා) ඒකට නැමෙනවා. නැතිනම් (යළි ඇගිලි තුඩුවලින් කාන්තා රහස් ප්‍රදේශය පෙන්වා) ඒකට නැමෙනවා. ඊයේ කුඩු සිද්ධියට ඕඅයිසීට, ඒඑස්පීට, එස්එස්පීට කෙලින්ම චාර්ට් ෂීට්. බඩුම තමා. මම යාපනය මාධ්‍යවේදීන් ගැන දන්නවා. මේවා ටීවිවල දායිද දන්නෑ මචංලා. උඹලත් අම්මෝ (නැවත අත්වලින් යමක් කර පෙන්වමින්) ‘‘
එම අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ යාපනය නිවේදිකාවක් වන කාන්තා මාධ්‍යවේදිනියක්ද සිටි අතර ඇය අපහසු තාවට ලක්වූ අයුරු දැකගත හැකිවිය. පොලිස් පතිවරයා ඇයදුටු පසු ඇහෙන් යමක් කර පෙන්වා තවත් මාධ්‍යවේදිනියකට උසුලූ විසුලූ කොට එම ස්ථානයෙන් යන්නට ගියේය.
කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ ගැන පොලිස්පතිවරයාගෙන් විමසද්දී ප්‍රකාශ කළේ බහුතරයක් නිලධාරීන් අල්ලස්, ලිංගික අල්ලස් නොගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පටන්ගන්න කාලේ හරි.
ඔව් සර්, එහෙමයි සර්.
ඔබට ඕක අලුත් දෙයක් වුනාට අපිට නම් බහ තේරෙන කාලේ සිටම දන්නා දෙයකි.
එකනේ කියන්නේ කොයි කොයි කිල්ලොටෙත් හුණු තියනවා කියල.
පොලිස්පතිතුමනි ලංකාවේ අල්ලස් නොගන්න පොලිස් නිලධරයෙකු ඉන්නවානම් ඒ 1% පමණි. පොලිසි වලට ගියාම කතා කරන්න දන්නේ නැහැ. මේ ලදී මගේ රථයට මොටෝර් සයිකල් කරුවෙකු හැප්පුනා මම ඔහුව රෝහලට ගෙනගිය ඔහු හොදටම බිල හිටියේ. ඒ මනුස්සය ඒ වෙලාවේ රෝහලේදී සහ පොලිස් කට උත්තරයේදී කියා සිටියා ඔහුගේ වැරැද්ද මට වෙරි නිසා පාර පෙනුනේ නෑ කියල පහුවද හැම එකක්ම වැරදිලා එයට හේතුව පොලිස් සාජන් වරයා මගෙන් 5000 ඉල්ලා සිටියා මේක බේරලා දෙන්න නමුත් මම දෙන්න අකමැති වුන නිසා මට කුඩුවට යන්න වුනා. වැරදි ගොඩකට උසාවි යන්න වුනා ඔන්න ලංකාවේ පොලිසි වල තත්වේ.
ඒ කියන්නේ ඉතින් මෙයත් එහෙම තමා නේද ?
රාළහාමිලා නම් කීයක් හරි අතට අරගෙන දෙකට නැවෙන්නේ. ඔබතුමා වේදිකාවල ටෙල්පොන් කෝල් වලටත් දෙකට නැවෙන්නේ.? බලපුවම කවුරුත් එකයි.
ඕක මොකද්ද තමුන්නන්සේත් දේශපාලකයෝ ඉස්සරහ තුනට හතරට නැමෙනකොට.........
මගේ වයස දැන් හැටත් පැනලා....මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් පොලිසියේ ගරු නිලධාරීන් ජරාව කනවා....ඔබතුමා පොලිසිය ඇතුලේ ඉන්න නිසා තේරුමක් නැතිව ඇති....එලියට බැහැලා පාරේ පයින් හරි ගිහින් බලන්න...
"ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා" කියන්නේ ඕක තමයි.
කරුණු කාරනා කෙසේ උනත් පොලිස්පතිවරයාගේ මෙතන හැසිරීමත් අනුමත කොරන්නට බැරිය. මෙතැනදී මෙහෙමනම් පොලිස්සියකට එන කාන්තාවනට කතා කිරීම කොහොමදැයි හිතා ගන්න පුළුවන.