(දයාරත්න ඇඹෝගම)
දිවයිනේ සියළුම සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර ජාතික ගීය වාදනය කිරිමට සිනමාශාලා හිමියන් දැනුවත් කළ යුතු බවට අනුරාධපුර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා විසින් අද (13) අනුරාධපුර මහා නගර සභා මාසික රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
මෙම යෝජනාව දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලාවල ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටීමටද මෙහිදී තීරණය විය.
ශ්‍රී ලාංකිකයන් වුවද බොහෝ දෙනාට ජාතික ගීය පාඩම් නොමැති බවද, ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවද පෙන්වා දෙන නාගරික මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා සිනමා ශාලාවකදී හෝ කිහිප වතාවක් ජාතික ගීය ශ්‍රවණය වු විට එය ජනතාව අතරේ මතකයේ රැදෙණු ඇති බව ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසිය.
මේ ආකාරයට අසල්වාසී රටක් වන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද එරට සිනමාශාලා වල ජාතික ගීය වාදනය කළ යුතු බවට නියෝග කළ බවද හෙතෙම පැවසීය.
අනුරාධපුර මහා නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී අද (13) පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පාඩම් උනහම ඔක්කොම හරියනවා නම් කට්ටිය ඉස්සෙල්ල ම පාර්ලිමේන්තු එන්න කලින් කටපාඩම් කරවන්න තියෙන්නේ.
මෙය කල යුත්තේ වැඩ අරඹන විට රජයේ සහ පෞද්ගලික ආයතනවල මිස සිනමාහල්වල හෝ පන්සල්වල නොවේ. කරනකොට කරනදෙයක තේරුමකුත් තිබිය යුතුයි. මේවට එන්නේ තේරුමක් නැති පිරිස් නිසා මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැරිය.
ජාතික ගීයට මෙහෙමත් හෑල්ලුවක්.. කොහොම වුනත් දැනටත් වැහීගෙන යන චිත්‍රපට ශාලා වලට එන ටික දෙනත් නවත්තගන්න පොටක් !
ඒ මොන විකාරයක්ද?
මෙම ලිපියට අනුව එම තීන්දුව ඉන්දියාව ඉවත් කර ගෙන තියෙනවා
සිනමා ශාලාව තුළ ජාතික ගීය වාදනය කිරීම විහිළු සහගත අමනොඥ ක්‍රියවක්. මෙය ජාතික ගීයට අවමන් කිරීමක්.
මොකද්ද මේ වැඩේ තේරුම ? මේවා පොඩි කාලේ ඉඳලම මනුස්සයන්ගේ හදවත්වල බිහිකළ යුතු දේවල් නේද .
ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නෙ රටට හොඳ දෙයක් අඩුම තරමේ යෝජනාවක්වත් එන්නේ නැහැ.
මේක අලුත් අදහසක් නොවෙයි. මට හොදට මතකයි අපි පොඩි කාලේ චිත්‍රපටි බලන්න ගියාම ජාතික ගීය වාදනය කරනවා. මගේ අදහසේ හැටියට 1977 එජාප ආණ්ඩුව ආවට පස්සේ තමයි මේක නැවැත්තුවේ.
මේක යෝඡනාව කාලයක් රටේ ක්‍රියාත්මක කරලා පසුව එහි නුසුදුසු බව දැනිලා අත්හිටවපු දෙයක්. මෙවැනී යල්පැන ගිය දෙයක් යෝජනා කරන්නේ මේ අය ජාතිය ආගම ඉස්සරහා දාගෙන ඡන්දදායකයා මෝඩයට අන්දන්නයි. එවැනි පටු ක්‍රියාමාර්ග හරහා ජනප්‍රිය වෙන්න හා දේශපාලන වාසි ලබා ගන්න හදනවා හැර තමන්ගේ ප්‍රදේශයේ පවතින ඇත්ත ප්‍රශ්ණ හදුනා ගෙන ඒවාට සුදුසු විසදුම් දෙන්න කිසිම උත්සාහයක් නොගන්නා දේශපාලන විගඩම්කාරයෝ රැසක් අද පලාත් පාලන ආයතන තුලට රිංගාගෙන සිටිම රටේ හා ජනතාවගේ අවාසනාව වී ඇත.
පාසලේ උගන්වන්න ඕනා දේවල් සිනමා ශාලාවේ උගන්වන්න හදන දේශප්‍රේමීන්ගේ බුද්ධියේ ස්වභාවය හිතා ගන්න පුළුවන්. පරිපාලනය ගැන මෙලෝ හසරක් නැත්තවුන් යම් තනතුරු වලට පත් වුවාම, මොළේ විපරිත වීමෙන් විකාර ක්‍රියා කර අන් අයද අපහසු තාවයන්ට පත් කිරීම සාමාන්‍ය දෙයක්.
මේක ඉතාම හොඳ දෙයක්, මේ තුලින් වාසි දෙකක් සිදු වෙනවා, 1. චිත්‍රපටිය බැලීමට පෙර පුංචි භාවනාවකට යොමු වුන වගේ මනස සැහැල්ලු කර ගෙන එක දිගට නරඹන්න පුළුවන් වීම ගතටත් සිතටත් හොඳයි. 2. විවිධ ජාති ආගම වලට අයත් හැම දෙනාම එකට නැගිට ජාතික ගීයට සවන් දී ගෞරව කිරීමට පුරුදු වීම , මෙය හැදෙන ළමුන්ටත් හොඳ පුර්වාදර්ශයක්. අසල්වාසි ඉන්දියාවේ දහස් ගණනක් චිත්‍රපටි ශාලා වල මේ දෙය සිදු වෙනවා, හැම දෙනාම සීරුවෙන් සිටගෙන මෙයට සහභාගි වෙනවා. හැබයි අපේ සිනමාහල්වල ගුණාත්මක බවයත් ඉක්මනටම වැඩි කල යුතුයි. නවීන පහසුකම් හා තාක්ෂණය මුසු විය යුතුයි.
ඉස්සරහට බාර්, රෙස්ටුරන්ට් වලත් දාන් \න කියයි ද දැන් නැහැ. පුදුම පාලකයෝ අපිට ඉන්නේ
ජාතික ගීය කියන්න කලින් පළාතේ තිබෙන කුණු ටික ඉවත් කොරන්න. දැන් අපි පාරට කුණු දමනවා. වෙන මොනවා කරන්නද.?