නව ධීවර පනතට තමිල්නාඩුවේ විරෝධය ශ්‍රී ලංකාව සම්මත කරගත් නව ධීවර පනත සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ රාමේෂ්වරම් ධීවරයන් අද (09) සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කළේය. 09 July 2017
‘උමා ඔය සහන කමිටුවට සිර දරඬුවම් ලැබූවෙක්‘ - කැෆේ උමා ඔය විපතට පත්වූවන් සඳහා සහන සැපයීම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ නිල්ගල වන සංහාරයට අධිකරණය මඟින් මාස හයක සිර දඬුවම් නියම වූ තැනැත්තෙකු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය චෝදනා කරයි. 09 July 2017
දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මගින් පසුගිය වසරේ ශ්‍රී දළදා දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කළ තේවා කටයුතු ඉදිරි වර්ෂය සඳහා සියම් නිකායේ මල්වතු පාර්ශ්වය වෙත පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව අද (09) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරණි. 09 July 2017
ජනතාවගේ කැමැත්ත සහිත ව්‍යවස්ථාවක් ගෙනෙනවා ආණ්ඩුව ගෙනෙන්නට සැරසෙන්නේ 1972 හා 1978 ව්‍යවස්ථාවන්ට එහා ගිය පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ කැමැත්ත ලබාගත් පරිපූර්ණ ව්‍යවස්ථාවක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි. 09 July 2017
නිලූකා ඒකනායකට ඌව පළාතේත් වැඩ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඌව පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බැලීම සදහා පත්කර ඇත. 09 July 2017
ගතවූ මාස හයට එච්.අයි.වී. ආසාදිතයන් 130 ක් සොයාගනී මේ වර්ෂයේ ගතවූ කාලය තුළ ඒඞ්ස් රෝගීන් 07 දෙනෙකු හමුවී ඇති බවත් එච්.අයි.වී ආසාධිතයින් 130 දෙනකු පමණ වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි. 09 July 2017
මොරගහකන්දේ වන අලින්ගෙන් බේරෙන්න‘යි වන ජීවියෙන් අවවාද මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් ජලයෙන් යටවන ප්‍රදේශවල වන අලි ගැවසෙන හෙයින් එම ප්‍රදේශවලට ඇතුළු නොවන්නැයි වන ජීවි කාර්යාලය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 09 July 2017
ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක් ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (9දා) රුමේෂිකා රත්නායක (මීටර 200) සහ නිමාලි ලියනාරච්චි (මීටර 800) රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූහ. 09 July 2017
කාලෝ නැත්නම් රට පුරා වැඩ වර්ජනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 July 2017
ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවරදි ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේ දී කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 09 July 2017
නිවසක් මතට ත්‍රීරෝද රියක් පෙරළෙයි හැටන් නගරයේ සිට ගාමිණීපුර දක්වා අතුරු මාර්ගයක ධාවනය වු ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එම ති‍්‍රරෝද රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි. 09 July 2017
ලක්ෂ 24ක රට සල්ලි ගුවන්තොටින් අල්ලයි රුපියල් විසිහතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් නිති විරෝධි ලෙස මෙරටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අද (09) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 09 July 2017
වැලිඔය-වටවල මාර්ගයට පස්කඳු කඩා වැටෙයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් වැලිඔය සිට වටවල දක්වා ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකදිම පස්කඳු කඩා වැටිමෙන් ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 09 July 2017
කඩු පොලු රැගෙන ආ පිරිසක් ළමා නිවාසට හානි කරලා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් යොමුකරන දරුවන් රඳවා තබන ගම්පහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක කඩු පෙලු රැගත් පිරිසක් විසින් කළ පහරදීමකින් එහි පාලිකාවකට සුළු තුවාල හා දේපළවලට හානි සිදුවී ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 09 July 2017
පුත්තලමට නියගය දරුණුවෙයි පුත්තලම දිස්ත්‍රීක්කයේ පවතින දැඩි නියගය හේතුවෙන් පවුල් 36394 ක 129276 පිරිසක් පිඩාවට පත්ව ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එම් .එන් .චිත්‍රානන්ද මහතා පවසයි. 08 July 2017
සිම්බාබ්වේ තරගාවලිය සමකරයි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ පිල සමත් විය. 08 July 2017
දික්වැල්ල - ගුණතිලක දෙදෙනාගෙන් ලෝක වාර්තාවක් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීත් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිට පිටම එක්දින තරග දෙකකදී ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ පළමු පිතිකරු යුගළය ලෙස ලෝක වාර්තාවක් පිහිටවූහ. 08 July 2017
හම්බන්තොට වෙඩි තැබීමක් හම්බන්තොට අධිකරන හන්දිය අසලදී අද (8) අලුයම වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 08 July 2017
රාජපක්ෂවරුන්ට සහනයක් දිය යුතුයි - ඇමති අමරවීර රාජපක්ෂවරුන් වැරදි කර තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂෙණ කළ යුතු වගේම ඔවුන් මේ රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බවට මගේ පෞද්ගලික් මතයක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08)දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 08 July 2017
කැකිරාවේ තරුණිය පැහැරගත් හතක් අත්අඩංගුවට කැකිරාව කවලම්හල්මිල්ලෑවේ දී තරුණියක පැහැරගත් යුද හමුදා සෙබළකු ඇතුළු හත් දෙනකු හොරිවිල ප්‍රාදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි 08 July 2017
විනාඩි දෙකෙන් වැලිකඩ වෙළඳසලක් කොල්ල කාලා ආරක්ෂක හිස වැසුම් හා ජැකට් හැඳ පැළඳ වැලිකඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ සුපිරි වෙළඳසලකට ගිනි අවි හා උල්පිහියක් සහිතව කඩාපැන්න දෙදෙනෙක් සේවකයන් බිය ගන්වා මුදල් සහිත ලාච්චු හතරක් ගෙන ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 07 July 2017
හිටපු ජනපති ශ්‍රිලනිප සභාපති ලෙස කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අගෝස්තු 3 වැනි දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු විසින් ගොනු කළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රීලනිප මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් වන නියෝගය ලබන අගෝස්තු 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය අද (7) තීන්දු කළේය. 07 July 2017
ඩෙංගු වසංගතයෙන් මිය ගිය ගණන 230 දක්වා ඉහළට රටපුරා ඩෙංගු උණ රෝගය තවදුරටත් තදින් පැතිර යමින් තිබෙන අතර මේ වන විට එම රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 07 July 2017
ගීතාගේ අභියාචනයට මැදිහත් වෙන්න පියසේන ගමගේට අවසර ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවීම නුසුදුසු බවට දුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍යවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පියසේන ගමගේ මහතාට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය. 07 July 2017
රූපවාහිනි හිටපු අධ්යක්ෂ ජනරාල් හා සභාපතිට ඇප ප්‍රසම්පාදන කි‍්‍රයාවලිය අනුගමනය නොකර ‘වන් ශ්‍රී ලංකා’ නාලිකාව මගින් රූපවාහිනි වැඩසටහන් විකාශය කර රුපියල් තිස් හතර ලක්ෂයකට අධික මුදලක් රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාල රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයා සහ හිටපු සභාපතිවරයා එක් අයකුට රුපියල් 25,000/ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (07) නියෝග කළේය. 07 July 2017
පොලිස්පතිට හා රහස් පොලිස් අධ්‍යක්ෂකට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසි අධ්යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 28 වැනිදා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (07) තීන්දු කැරිණි. 07 July 2017
රට රැකියා දෙන බව කියා මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් එක් අයකුගෙන් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් බැගින් ලබාගත් ජාවාරම්කරුවෙකු ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 07 July 2017
මොරටු සරසවියේ හා අවට ඩෙංගු තවාන් දැමූ අටකට දඩ මොරටු විශ්ව විද්‍යාල භූමියේ ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය තිදෙනෙකුට සහ විශ්ව විද්‍යාල භූමියෙන් පිටත බෝඩින් කාමර වල ඩෙංගු තවාන් පවත්වාගෙන ගිය පස්දෙනෙකු ඇතුළු 8කට තරයේ අවවාද කොට එක් අයකුට රුපියල් 5000 බැගින් රුපියල් 40000ක දඩයකට යටත් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා අද (7) නියෝග කළේය. 07 July 2017
’සයිටම් හි ස්ථාවරය ගැන නිතිපති දන්වා නැතැයි වෛද්‍ය සංගමය කියයි සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා නැතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. 07 July 2017
නිති කේෂ්ත්‍රයේ පුටු වෙනස් වෙයි මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හා නීතීපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථා සභාව අවසර ලබාදී ඇත. 07 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026